ලෝක පශුවෛද්‍ය දිනයට සමගාමීව විශේෂ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය (SLVA සංවිධාන කර ඇත. මෙවර එහි තේමාව වන්නේ “පශු වෛද්‍ය වෘත්තියෙහි විවිධත්වය, සමානාත්මතාව සහ සියලු පාර්ශ්වයන්ගේ අන්තර්ගත බව ප්‍රවර්ධනය කිරීමයි” (Promoting Diversity, Equityand Inclusiveness in the Veterinary Profession) යන්නයි. පශු වෛද්‍ය වෘත්තිය සත්ත්ව සෞඛ්‍ය සහ සුබසාධනය,සත්ත්ව නිෂ්පාදන සහ එහි අපනයනයන් පුළුල් කිරීම,මහජන සෞඛ්‍ය,පෝෂණ අවශ්‍යතාවන් සපුරාලීම සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම යන අංශ ඔස්සේ ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම වැදගත් බව මෙහිදී විශ්වාස කරයි.
මෙම සුවිශේෂී දිනය නිමිත්තෙන් විවිධ ස්ථානවල වැඩසටහන් රාශියක් මෙම සංගමය මඟින් සංවිධාන කර ඇත. වගකීම් සහගත සුරතල් සතුන්ගේ හිමිකාරිත්වය සහ නගර ආශ්‍රිත වනජීවීන් (Urban Wildlife) පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්, සත්ත්ව පාලන ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්, සුනඛ වන්ධ්‍යාකරණ සහ ජල භීතිකා මර්දන හා එන්නත්කරන වැඩසටහන් ඊට ඇතුළත් වේ.
ඒ අනුව අප්‍රේල් 25 වෙනි දින,ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ස්වාධීන රූපවාහිනී (ITN) නාලිකාවේ “හත්වන පැය” වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය වෘත්තියෙහි වැදගත්කම සහ ලෝක පශුවෛද්‍ය දින සැමරුම් පිළිබඳව සාකච්ඡා කර ඇත. මෙම වැඩසටහනෙහි අරමුණක් ලෙස සත්ත්ව සෞඛ්‍ය සහ සුබසාධනය ප්‍රවර්ධනය කිරීමේදී පශු වෛද්‍ය වෘත්තියෙහි මනා කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම ද අන්තර්ගත විය.
නව අදහස දක්වන්න