ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගම,ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන GSK හි ඖෂධ සහ එන්නත් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම වෙනුවෙන් පසුගියදා සුවිශේෂී සහයෝගීතාවකට එළඹුණි. ඉකුත් වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ තම වාණිජ ව්‍යාපාර කටයුතු අවසන් කිරීම පිළිබඳ GSK සමාගම තීරණය කරතිබූ පසුබිමක,මෙම නව සහයෝගීතාව සමඟින් මෙරට ජනතාවට තවදුරටත් GSKහි ආරක්ෂිත,ඵලදායී සහ උසස් තත්ත්වයේ ඖෂධ ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
නව සහයෝගීතාවට එළඹීම වෙනුවෙන් 2023 මැයි 9 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර,බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් සහ GSK හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකරු/විධායක අධ්‍යක්ෂ /ප්‍රධාන මූල්‍ය නිලධාරි මනෝජ් ජයවර්ධන යන අය ද බවර් සමාගමේ සෞඛ්‍යය සේවා අංශ අධ්‍යක්ෂ නිශාන්ත වීරසිංහ,ජෛව විද්‍යා අංශ අධ්‍යක්ෂ ගෙහාන් සෙනෙවිරත්න යන අය ද එක්වූහ. බවර් සහ GSK ශ්‍රී ලංකා සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ,ව්‍යාපෘති කණ්ඩායම්,අංශ ප්‍රධානීහු ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
අති නවීන ඩිජිටල් යටිතල පහසුකම් සහ ශක්තිමත් ව්‍යාපාරික ආකෘතිවලින් සමන්විත පුළුල් බෙදාහැරීමේ ජාලයක් සහිත ඉහළ සදාචාරාත්මක,විශ්වසනීය සහ නිපුණතාවයෙන් හෙබි ආයතනයක් ලෙස බවර් සමාගම දශක ගණනාවක් පුරා සුවිශේෂී කීර්තියක් හිමිකරගෙන සිටී. මෙම හවුල්කාරිත්වය හරහා, GSK හි විද්‍යාව,වෛද්‍ය විද්‍යාව,පර්යේෂණ සහ සංවර්ධන සහ නවෝත්පාදන නිෂ්පාදන ඉදිරියටත් වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට ලබා ගත හැකිය.
1945 වසරේදී බවර් සමාගම සෞඛ්‍ය සේවා අංශයට පිවිසීමෙන් පසු,ශල්‍ය,රෝග විනිශ්චය සහ වෛද්‍ය පෝෂණ නිෂ්පාදන සඳහා වඩාත්ම ඉල්ලුමක් ඇති ආයතනයක් බවට පරිණාමය වී ඇති අතර විශ්වසනීයත්වය,නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය පිළිබඳ විශිෂ්ට ඉතිහාසයක් සමාගම සතුය. බවර් සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම සහ ජාත්‍යන්තරව පිළිගත් ඖෂධ සන්නාම කිහිපයක් නියෝජනය කරන අතර,GSK හි හවුල්කාරිත්වය තුළින් ද එය තවදුරටත් පිළිබිඹු වේ.
නව අදහස දක්වන්න