පීපල්ස් ලීසිං හිඟුරක්ගොඩ ශාඛාව 6 වන සංවත්සරය සමරයි | දිනමිණ

පීපල්ස් ලීසිං හිඟුරක්ගොඩ ශාඛාව 6 වන සංවත්සරය සමරයි

පීපල්ස් ලීසිං හිඟුරක්ගොඩ ශාඛාවේ කාර්ය මණ්ඩලය

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි හිඟුරක්ගොඩ ශාඛාව පසුගියදා සිය 6 වන සංවත්සරය සමරමින් හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කෙරුණි.

2017 වර්ෂයේදී හිඟුරක්ගොඩ නගරවාසීන්ට නැවුම් මූල්‍ය අත්දැකීම් ලබා දීමට හා මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණින් හිඟුරක්ගොඩ ශාඛාව විවෘත කෙරුණි.

මේ අනුව තම ශාඛාවේ අභිමානවත් සංවත්සරය සැමරීමට හිඟුරක්ගොඩ ශාඛා කළමනාකරු චානක ප්‍රසාද් හා කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ පරිත්‍යාග කිරීම පසුගියදා සිදු විය.

එම සද්කාර්යය සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං සමාගමේ හිඟුරක්ගොඩ ශාඛා කළමනාකරු චානක ප්‍රසාද් පැවසුවේ ප්‍රදේශයේ මූල්‍ය දුෂ්කරතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වූ බව හා තිරසර අරමුණු සාක්ෂාත් කිරීමට දායකත්වය ලබා දීමට මෙමඟින් හැකිවීම පිළිබඳව තමා ඇතුළු කාර්ය මණ්ඩලය සතුටට පත්වන බවය.

 

නව අදහස දක්වන්න