රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර දිනය; උත්කර්ෂවත්ව සමරයි | දිනමිණ

රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර දිනය; උත්කර්ෂවත්ව සමරයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පසුගියදා “රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් පැවති උත්සවයේදී සේවා ස්ථානවල ද්විපාර්ශ්වීය වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය (OSH) කමිටු පිහිටුවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කළේය.

විශේෂයෙන්ම රටේ ඇඟලුම් කර්මාන්තය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) අතර ඒකාබද්ධ මුලපිරීමක් වන Better Work Sri Lanka වැඩසටහන මගින් මෙම මාර්ගෝපදේශ මාලාව මුලින් සකස් කරන ලදි. ඒ හරහා ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ සමස්ත යහපැවැත්ම තහවුරු වනු ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය ආයතන ප්‍රමුඛ කර්මාන්ත, වෘත්තීය සමිති, සංවර්ධන හවුල්කරුවන්, ලංකා සේව්‍ය සම්මේලනය EFC&amp ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය JAAF&amp සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් ඇතුළු 280කට අධික පිරිසක් සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න