Saturday, මැයි 20, 2023 - 12:00
බොරැල්ල ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු මෙම ප්‍රදේශයට යතුරුපැදියකින් පැමිණ සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විිමර්ශන ක්‍රියාත්මක කරයි.
නව අදහස දක්වන්න