Saturday, මැයි 20, 2023 - 01:00
අඩි හතර හමාරක් පමණ දිගැති ඇත්දළයක් අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂ 8ක මුදලකට විකිණීිමට උත්සාහ කළ දෙදෙනකු වනජීවී නිලධාරීන් විසින් පෙරේදා (18) මතුගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය. මේ වැටලීම වන සත්ත්ව අඩවි ආරක්ෂක ඒ.ටී.ආර්. රවින්ද්‍ර කුමාර, වන සත්ත්ව අඩවි සහකාරවරුන් වන සම්පත් පෙරේරා, හෂාන් රන්දික හෙට්ටිආරච්චි, තරංග ධම්මික සහ වන සත්ත්ව නියාමක සමීර ලක්මාල් මහත්වරුන් විසින් සිදු කර ඇත.
බුද්ධිකා ඉඹුලාන
නව අදහස දක්වන්න