පාස්පෝට් අයදුම් ඔන්ලයින් භාර ගැනීම ජූනි 1 දා සිට | දිනමිණ

පාස්පෝට් අයදුම් ඔන්ලයින් භාර ගැනීම ජූනි 1 දා සිට

විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේදී ඇති වන තදබදය අවම කරමින් අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා අයදුම් පත් භාර ගැනීම ලබන ජූනි 1 දා සිට ආරම්භ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානම් වේ.

ඡායාරූප හා අදාළ අනෙකුත් ලියකියවිලි නිසි ක්‍රමවේදය ඔස්සේ යොමු කළ පසු නිවෙසටම විදේශ ගමන් බලපත්‍රය දින 3ක් හෝ සති 2ක් ඇතළත තැපැල් මඟින් එවන බවද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා දිනමිණට පැවසීය.

මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන තුරු දැනට දින වෙන් කරගෙන සිටින අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ විදේශ ගමන් බලපත්‍ර සකසා ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී දැනට සිදු වන සියලු අක්‍රමිකතාද නතර වනු ඇතැයිද කී ඒ මහතා විදේශ ගමන් බලපත්‍ර සඳහා විශාල පිරිසක් දිනපතා අයදුම් කරන බවත් ඉන් සිදු වන තදබදය මින් විසඳෙනු ඇතැයිද කීවේය.

 

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න