රෝහල් එන්න පමා වීමෙන් ඩෙංගු රෝගීන්ගේ ජීවිත අවදානමේ | දිනමිණ

රෝහල් එන්න පමා වීමෙන් ඩෙංගු රෝගීන්ගේ ජීවිත අවදානමේ

ඩෙංගු උණ රෝගීන් ප්‍රතිකාර ගැනීමට ප්‍රමාද වී ⁣රෝහලට පැමිණීම නිසා රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 'දිනමිණ'ට ඊයේ (19) පැවසුවේය.

ඩෙංගු උණ ආසාදිතව සංකුලතා මතු වූවාට පසු රෝහල්ගත වීම රෝගීන්ගේ ජීවිත අවදානමට ලක් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. රෝහල්වල ධාරිතාව ඉක්මවමින් උණ රෝගීන් කායික වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අයි.ඩී.එච්., කළුබෝවිල, හෝමාගම ඇතුළු රට පුරා ප්‍රධාන රෝහල් උණ රෝගීන්ගෙන් පිරී ඇති බවත් ඒ මහතා කියා සිටියේය. යම් පුද්ගලයකුට පැය 48කට වඩා උණ රෝගය පවතින්නේ නම් පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සිදු කර ගත යුතු බවත් කිසියම් අයකුට ඩෙංගු උණ රෝගය වැලඳී ඇත්නම් එමඟින් හඳුනාගත හැකි බවත් හෙතෙම පැවසීය. උණ රෝගයෙන් පෙළෙන අයට පැරසිටමෝල් හැර වෙනත් කිසිදු වේදනා නාශක ඖෂධයක් නොදිය යුතු යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න