ඉන්දීය නාවික හමුදාවේ බට්ටි මල්ව් නෞකාව ත්‍රිකුණාමලයේ සංචාරයක | දිනමිණ

ඉන්දීය නාවික හමුදාවේ බට්ටි මල්ව් නෞකාව ත්‍රිකුණාමලයේ සංචාරයක

ඉන්දීය නාවික හමුදාවට අයත් බට්ටි මල්ව් නෞකාව ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණි මේ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව උණුසුම් අයුරින් පිළිගෙන තිබෙන අතර, ඉන්දියානු නාවික හමුදා නෞකාවේ අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් එම්. මන්සිං මහතා නැඟෙනහිර නාවික විධාන මූලස්ථානයේ දී නැඟෙනහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් එච්. ජී. යූ. ඩී. කුමාර මහතා හමුවිය.

එළඹෙන ජුනි 21 වැනි දින පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර යෝගා දිනය දක්වා වන දින 50 තුළ සංවිධාන කෙරෙන වැඩසටහනක් වශයෙන් පවත්වන ලද යෝගා සැසියක් ඇතුළු විවිධ පුහුණු නියැළීම් මේ නෞකාවේ සංචාරය අතරතුර දී කර තිබේ.

දකුණු පළාතේ දරුවන් පිරිසක් හමු වූ නෞකා කාර්ය මණ්ඩලය ඔවුන්ට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉවහල් වන සහයෝගයන් ද දුන් අතර, නෞකාව ශ්‍රී ලංකාවෙන් පිටත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණධීර නෞකාව සමඟ PASSEX නාවික අභ්‍යාසය සඳහා ද සහභාගි විය.

ඉන්දීය නාවික හමුදාවේ කිල්තාන් සහ සාවිත්‍රී නෞකාවන් SLINEX – 23 සඳහා සහභාගී වීම වෙනුවෙන් පසුගිය මාසයේ 03 - 06 දිනවල කොළඹ සංචාරයක නිරත විය. ඉන්දීය නාවික හමුදා නෞකාවන්ගේ ශ්‍රී ලංකා සංචාර ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව අසල්වැසි රාජ්‍යයන් දෙකෙහි නාවික හමුදාවන් අතර සමීප මිත්‍රශීලිත්වය සහ කාර්ය සහයෝගීතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න