උමා ඔය පළමු කොටසේ ඉදිකිරීම් අගෝස්තුවේ අවසන් | දිනමිණ

උමා ඔය පළමු කොටසේ ඉදිකිරීම් අගෝස්තුවේ අවසන්

විදුලි බල ඇමැති කංචන විජේසේකර

උමා ඔය විදුලි බලාගාරයේ පළමු කොටසේ ඉදිකිරීම් නිම කර මේ වසරේ අගෝස්තු මාසයේදී ජාතික පද්ධතියට එක් කරන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යපෘති කළමනාකරු සහ සමාගමේ නියෝජිතයන් පිරිසක් පෙරේදා (18)විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේදී ඇමැති කංචනා විජේසේකර මහතා හමුවිය.

උමා ඔය විදුලි බලාගාරයේ පළමු කොටසේ ඉදිකිරීම් නිමකර මේ වසරේ අගෝස්තු මාසයේදී ජාතික පද්ධතියට එක් කිරීමටද, දෙවන කොටස මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ජාතික පද්ධතියට එක් කිරීමටද හැකි වන බව එහිදී නියෝජිතයන් අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යටතේ ජාතික පද්ධතියට එකතු වන සම්පූර්ණ විදුලිබල ධාරිතාව මෙගාවොට් 120 කි.

විදුලිබල‍ හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ෆරාබ් ආයතනවල නියෝජිතයෝ පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න