රථවාහන අංශයේ නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑ බස් රථ රියැදුරා කොටු වෙයි | දිනමිණ

රථවාහන අංශයේ නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑ බස් රථ රියැදුරා කොටු වෙයි

අලුත්ගම නගරයේ දුර ගමන් සේවා බස් නැවතුම ආසන්නයේ අධිපැය රාජකාරියේ නියුතුව සිටි අලුත්ගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු මාර්ග රාජකාරියේ යෙදී සිටියදී සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලික බස් රථ රියැදුරෙකු අලුත්ගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම පුද්ගලික බස් නැවතුමෙන් ගමන් අරඹා කන්දේ විහාර හරහා කාලවිල දක්වා ගමන් ගන්නා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මාර්ග බලපත්‍ර ඇති පුද්ගලික බස් රථ රියැදුරෙකු වන කාලවිලකන්දගම කලවිල බේරුවල ලිපිනයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි. සැකකාර රියැදුරා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දුර ගමන් සේවා බස් නැවතුමේ බස් රථය ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස නවතා තබා සිටියදී රථ වාහන පොලිස් නිලධාරියා ලබාදෙන උපදෙස් නොපිළිපැදීම හා පොලිස් නිලධාරියාට බැණ තර්ජනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර රියැදුරා කළුතර අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

 

නව අදහස දක්වන්න