ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය මඟින් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කළ සමස්ත ලංකා අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත් විය.
හෝමාගම දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගාවලියේ අවසන් තරගයේදී කොළඹ රාජකීය විදුහල ලකුණකින් සහ ඉනිමකින් පරාජයට පත් කිරීමට රිචමන්ඩ් විදුහල් කණ්ඩායමට හැකි විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජකීය පිල තම ඉනිම් 7 අවසානයේ ලකුණු 12ක් රැස් කළ අතර, රිච්මන්ඩ් පිල ඉනිම් 6කදී ලකුණු 13ක් රැස් කළේය. තරගාවලියේ අනුශූරතාව කොළඹ රාජකීය විදුහලට හිමි වූ අතර, තෙවැනි ස්ථානය කොළඹ ඩී.එස්.සේනානායක විදුහල සතු විය.
තරගාවලියේ දක්ෂතම පන්දුවට පහරදෙන්නා ලෙස පියුශාන් තරීන් විමලවීර (රිච්මන්ඩ්) සහ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් ඉඳුසර බමුණුකුල (රිච්මන්ඩ්) සම්මාන ලැබීය.
ඉෂානි යද්දෙහි
නව අදහස දක්වන්න