කොස්-දෙල් කා පදක්කම් දිනූ පිටදෙණියේ දක්ෂයෝ | දිනමිණ

කොස්-දෙල් කා පදක්කම් දිනූ පිටදෙණියේ දක්ෂයෝ

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති 63වන ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උලෙ‍ෙළ් නිසි ආහාර වට්ටෝරුවකින්වත් ශක්තිමත් වන්නට වරම් නොලැබූ කොස්,දෙල්, මඤ්ඤොක්කා, ආදී දේ ආහාරයට ගෙන පුහුණුවීම් කටයුතු කර දකුණු පළාතේ පාසලක් දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගනිමින් පිටදෙණිය මහා විද්‍යාලයට විශාල කීර්තියක් ගෙනදුන් දරුවන් හා පුහුණුකරු රථ පෙළපාළියකින් කැඳවා ගෙනවිත් හරසරින් පිළිගැනීම පසුගියදා සිදු කෙරිණි.

මෙලෙස රන් පදක්කම් 4ක්,රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් ලබාගනිමින් මෙම ජයග්‍රහණය විද්‍යාලයට අත්කරදුන් දරුවන් හා දරුවන්ගේ ක්‍රීඩා පුහුණුකරු කේ.පී.ධනුෂ්ක සම්පත් මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීම විශේෂත්වයක් විය.

මීටර් 10000 ඇවිදීමෙන් ටී.වී හසින් ලක්ෂානි රන් පදක්කම හා මීටර් 10000 දිවීම තරගයෙන් ලෝකඩ පදක්කම, මීටර් 5000 ඇවිදීමෙන් ඕ.එම්.දේශානි පියුමිකා රන් පදක්කම හා මීටර් 3000 ඇවිදීමේ තරගයෙන් රන් පදක්කම, මීටර් 10000ක් ඇවිදීම තරගය(පිරිමි) ප්‍රථම ස්ථානය වෙනුවෙන් රන් පදක්කමත්,මීටර් 1000 තරඟ ඇවිදීම තරගයෙන් තුන්වන ස්ථානය වෙනුවෙන් ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

විද්‍යාලයට කීර්තිය ගෙන ආ දරුවන් ,පුහුණුකරු විද්‍යාලය භූමියේ දී හරසරින් උත්සවාකාරයෙන් විද්‍යාලීය විදුහල්පති කෝකිලා විතානගේ මහත්මිය ඇතුළු ඇදුරු මඬුල්ල පිළිගන්නා ලදි.

අක්මීමන විශේෂ සුනිල් ගමගේ,

නව අදහස දක්වන්න