DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට වැඩි මූල්‍යමය නිදහසක් හා නම්‍යශීලිත්වයක් හිමි වන ආකාරයට තම ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පිරිනමන ප්‍රතිලාභ තවදුරටත් වැඩිදියුණු කර තිබේ. ඒ අනුව Gold, Platinum, Signature, Infinite, World Master Card සහ අනෙකුත් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම සහ කාඩ්පත් මත පිරිනමන ණය වැනි සේවාවන් සඳහා වඩාත් හොඳ සේවාවක් සමග ඉහළ නම්‍යශීලිත්වයක් අත්විඳීමට හැකි වනු ඇත.
වෙනත් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ටද, එම කාඩ්පත්වල ශේෂය DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කිරීම මඟින් මෙම ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ. මෙම ක්‍රමය යටතේ ඔවුන්ට වඩාත් හොඳ සේවාවක්, සහනදායී පොලී අනුපාත සමඟ වැඩි ඉතිරියක්ද හිමි වනු ඇත.
DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබාදෙන පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගනුදෙනුකරුවන්ට රු. 10,000/- කට වැඩි ගනුදෙනු සඳහා මාස 60 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වන අතර, ඒ සඳහා අය කෙරෙනුයේ මූලික ගාස්තුවක් හා සේවා ගාස්තුවක් පමණි. මේ නිසා මෙම සේවාව, වර්තමානයේ ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි වඩාත්ම සහනදායී පහසු ගෙවීමේ ක්‍රම අතරින් එකක් ලෙස සැලකෙන අතර, මෙමඟින් ඔවුන්ට කරදරයකින් තොරව රිසි සේ තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට හැකියාව ලැබේ.
නව අදහස දක්වන්න