ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දන්ත සෞඛ්‍ය සායන ජාලයක් වන My Dentist පසුගියදා තම 15 වැනි දන්ත සෞඛ්‍ය සායනය ගල්කිස්ස මෙඩිහෙල්ප් රෝහලේදී විවෘත කළේය. Ataraxia Capital Partners සමූහයට අනුබද්ධිත My Dentist දන්ත සෞඛ්‍ය ජාලය, මූලික දන්ත සෞඛ්‍ය ප්‍රතිකාරවලට අමතරව රූපලාවණ්‍ය දන්ත සේවා පිරිනැමීම හේතුවෙන් මේ වනවිට මෙරට ජනතාව අතර මහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටී.
නවීන තාක්ෂණය සහ ප්‍රතිකාර ක්‍රමවේද භාවිත කරන My Dentist සායන මඟින් රෝගීන් වෙත උසස්ම සේවාවක් පිරිනමයි. Veneers, dental implants, bonding, inlays and onlaysසහ teeth whitening වැනි රූපලාවණ්‍ය දන්ත සෞඛ්‍යය සේවා රැසක් ඊට අයත් ය.
සේවාදායකයින්ට වැඩි ආත්ම විශ්වාසයක් පිරිනමමින් ඔවුන්ගේ ස්වාභාවික සුන්දරත්වය ආරක්ෂාවන අයුරින් ප්‍රතිකාර සේවා සැලසීම ද විශේෂත්වයකි. තව ද සෑම ප්‍රතිකාර සේවාවක්ම පළපුරුදු දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු වන්නේ සේවාදායකයින්ගේ ආරක්ෂාව, සුවපහසුව සහ තෘප්තිමත්භාවය උපරිම ලෙස තහවුරු කරමිනි.
නව අදහස දක්වන්න