AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන ඒජන්සි නිලධාරී චානක ලියනගේ | දිනමිණ

AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන ඒජන්සි නිලධාරී චානක ලියනගේ

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2023 අප්‍රේල් මස 1වනදා සිට බලපවත්වන පරිදි සිය ප්‍රධාන ඒජන්සි නිලධාරී ලෙස චානක ලියනගේ මහතාගේ පත්වීම සතුටෙන් ප්‍රකාශ කර සිටියි. මේ තනතුර තුළ ඔහුගේ භූමිකාව වනුයේ

AIA ශ්‍රී ලංකා සමාගමේ ඒජන්සි බෙදාහැරීම් අංශයට අයත් 100කට අධික ශාඛා ජාලය තුළ, දිවයින පුරා විසිර සිටින 500 කට අධික ඒජන්සි නායකයන්ට සහ 4000 කට අධික අලෙවි බලකා සාමාජිකයිනට නායකත්වය ලබා දීමයි.

සමාගම වෙනුවෙන් ඒජන්සි අංශයේ අනාගත ගමන්මඟෙහි නවතම අදියර සඳහා නායකත්වය දෙමින් AIA හි අද්විතීය වෙල්ත් ප්ලෑනර් කේන්ද්‍රීය ඒජන්සි අලෙවි චැනලය වඩාත් පුළුල් කරමින් එහි වර්ධනය වෙනුවෙන් සිය අවධානය යොමු කිරීමත් මෙම නව තනතුර තුළ ඔහුට පැවරෙන කර්තව්‍යයක් වෙනු ඇති.

චානක ලියනගේ AIA ශ්‍රී ලංකා සමාගම සමඟින් සිය ගමන්මඟ ආරම්භ කරන ලද්දේ 2019 වසරේ නොවැම්බර් මාසයේදී වන අතර ඔහුව ඉන්දියාවේ TATA AIA සමාගම වෙත කෙටි කාලයක පුහුණුවක් සඳහා ද යොමු කරන ලදි. එහිදී ඔහුට ඉන්දියාවේ පූර්ණ කාලීන අලෙවි බලකායක් සහිත Premier Agency channel ව්‍යාපෘතිය දියත් කිරීමේ කණ්ඩායමත් සමඟ වැඩ කිරීමට අවස්ථාවද ලැබිණි. ඉන්පසුව සමාගමේ නියෝජ්‍ය

ඒජන්සි නිලධාරී ලෙස කටයුතු කළ ඔහු, සමාගම බෙදාහැරීම් අංශයේ ඩිජිටල්කරණ පරිවර්තන ක්‍රියාවලිය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි.

සිය වෘත්තීය ජීවිතය බැංකුකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ HSBC බැංකුව සමඟින් ඇරඹූ චානක ලියනගේ මහතා සිය වෘත්තීය ජීවිතය තුළ බැංකු සහායක තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුර දක්වා ඉතා ඉක්මනින් ඉහළ තලයට යාමට සමත් වූ අතර, අවසාන වශයෙන් ඔහු HSBC ශ්‍රී ලංකා හි විකුණුම් ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලදි.

නව අදහස දක්වන්න