Thursday, මැයි 18, 2023 - 15:50
යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැගෙනහිර පලාතට යළි ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජනතාවට සහ එම පළාතේ පදිංචි ජනතාවට පවතින ගැටළු විසදීම සදහා විශේෂ ජංගම සේවාවක් මැයි මස 26 සහ 27 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් පැවැත්වීමට පියවර ගෙන ඇත.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කෙරේ.
මේ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ අධ්‍යක්ෂිකා ශානිකා වීරසුරිය, එහි සහකාර ලේකම් සදමාලී ප්‍රතාපසිංහ සහ අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද( 18) පැවැත්විණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජංගම සේවය මැයි මස 26 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සහ මැයි 27 වන දින ජංගම සේවය මඩකලපුව ගුරු පුහුණු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ද මෙම ජංගම සේවා තුළින් ලබා දෙන පහසුකම් ත්‍රිකුණාමලය සහ මඩකලපුව මධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් ලබා ගැනීමේ හැකියාව තිබේ.
එහිදී ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ජනතාවට උප්පැන්න හා මරණ සහතික ලබා ගැනීම, ජාතික හැදුනුම්පත් ලබා ගැනීම, ඉඩම් , නැවත පදිංචි කිරීම් පිළිබදව පවතින ගැටළු හා අධිරකණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය, සමථ මණ්ඩල කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව යන ආයතන මගින් ලබා දෙන සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවති.
මෙම ජංගම සේවාව සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් සහභාගි වේ.
සාමය හා සංහිදියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර එහි පළමු ප්‍රදර්ශනය 2023 මැයි මස 26 වන දින පෙරවරු 11.00 ට අධිකරණ අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.
උතුරු පළාතේ ජනතාවට පැවති ගැටළුවලට විසදුම් ලබාදීමේ අරමුණින් විශේෂ ජංගම සේවා තුනක් පසුගිය කාලය තුළ උතුරු පලාතේ පැවති අතර, එහිදී විශේෂයෙන් ඉන්දියාවේ සිට පැමිණි ජනතාවට පැවති ගැටළු විසදීම හා එම පළාතේ ජනතාවට තිබු රාජ්‍ය ආයතන හා සම්බන්ධ සෙසු ගැටළු විසදීම සිදු කෙරිණි.
මේ අතර ජාතික සංහිදියාව පිළිබදව සහජීවන කමිටු සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විට කටයුතු යොදා ඇති අතර, ඒ යටතේ ජාතික ආගමික සමගියට හා සංහිදියාවට බාධා වන ආකාරයේ සිදුවීමක් ප්‍රාදේශිය වශයෙන් ඇති වී එය ජාතික මට්ටමට ව්‍යාප්තවීමට පෙර අදාළ අංශ දැනුවත් වීමේ විශේෂ පරිගණක යෙදවුමක් මොරටුව විශ්ව විද්‍යාලය සමග එක්ව හදුන්වාදීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය පියවර ගෙන තිබේ.
නව අදහස දක්වන්න