Thursday, මැයි 18, 2023 - 14:50
වගාවන් ආරක්ෂා කිරීම සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
මෙම තීරණයට අනුව බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර 5 දක්වා සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත
ඒ අනුව ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත්වන බැවින් කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා එම පියවර ගෙන ඇත.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි

නව අදහස දක්වන්න