Thursday, මැයි 18, 2023 - 14:20
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනා අද (18) දින සිට කඩිනමින් පරිශ්‍රය ඇතුළට ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි.
උද්ගත වී ඇති දැඩි තදබදය පිළිබඳ අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ජූනි මාසයේ සිට ගමන් බලපත්‍ර ලබාගන්නා ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බවය.
මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගුවන් ගමන් බලපත්‍ර සේවා සිදු කළේ, පූර්ව දින වෙන් කිරීමේ ක්‍රමවේදයටයි.
ඒ අනුව කලින් දිනයක් වෙන් කරවාගත් ජනතාවට එම නියමිත දිනට සහ වේලාවට පැමිණ සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබුණි
වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ මහතා පවසා සිටියේ ජනතාව රවටා මුදල් ගන්නා තැරැව්කරුවන් යම් ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවය.
නව අදහස දක්වන්න