දොස්තර එක්ක හිටි යාළුවෝ තුන්දෙනා දුවලා
පාණදුර ඉන්ධන පිරවුම්හලක කිව්.ආර් කේතයට ඉන්ධන ලබා ගැනීමට යාමේදී වෛද්‍යවරයෙකු සහ පොම්පකරුවකු අතර
ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් වෛද්‍යවරයෙකු පහරකා රෝහල් ගතව ඇති බවත් පොම්පකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බවත්,ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය කීය.පහරකෑ වෛද්‍යවරයා පෙරේදා අලුයම 5.20ට පමණ මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සඳහා තවත් තිදෙනෙකු සමග පැමිණ තිබේ. එහිදී කිව්.අර් කේතයේ ඉතිරිව ඇති රුපියල් 4000ක ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලුම් කිරීමේදී දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය කීය. පසුව පිරවුම්හලේ ආරක්ෂක නිලධාරියාද තල්ලුකර දමා පොම්පකරුගේ කනට පහරක් එල්ලවී ඇති අතර අත්අඩංගුවේ පසුවන පොම්පකරු පොල්ලක් රැගෙන එලව එලවා පහරදී ඇති බව සඳහන්වේ.
පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක
නව අදහස දක්වන්න