අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත තැපැල් මඟින් යොමු කිරීමට පසුගියදා (15) සිට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසුවේය.
පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රද ඔවුන්ගේ අයදුම්පතෙහි සඳහන් කර ඇති ලිපිනයට මේ වන විට යොමු කර තිබේ. විභාග ප්‍රවේශ පත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ අයදුම්කරු වෙත ද විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් අද (18) සිට බාගත කර ගත හැකිය.
ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයන්හි, මාධ්‍යයෙහි, ජාතික හැඳුනුම්පත් අංකයෙහි, උපන් දිනය සහ නමෙහි යම් වෙනසක් ඇත්නම් හෝ අලුතින් විෂයක් ඇතුළත් කළ යුතු නම් එම සංශෝධන https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගතව සිදු කර ගැනීම සඳහා මැයි 24 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අවස්ථාව ලබා දී තිබේ.
ඒ අනුව පාසල් අයදුම්කරුවන් තම විදුහල්පතිවරයා මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම අදාළ සංශෝධන සිදු කළ යුතුය. මෙම විභාගයට අදාළ කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කර ඇති බවට විභාග අපේක්ෂකයන් ඇතුළු මහජනතාවට විභාග දෙපාර්තමේන්තුව මඟින් දැනුම් දෙයි.
විභාගය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ 011-2784208, 011-2784537, 011-2785922, 011-2786616 දුරකතනවලින් දැනගත හැකිය.
පෞද්ගලික අයදුම්කරුවන්ට තැපෑලෙන්
නව අදහස දක්වන්න