අගමැති දිනේෂ් ගුණවර්ධන
විහාරස්ථාන සතුව තිබූ අක්කර ලක්ෂ දාහතරක් බ්‍රිතාන්‍ය ආණ්ඩුව රාජසන්තක කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ශ්‍රී ජයවර්ධනපුර මයුරපාද පිරිවෙන් මහා විහාරයේ ආචාර්ය වලේබොඩ ගුණසිරි හිමියන්ට රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත්දා (14) පැවැති අවස්ථාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
වලේබොඩ නායක හිමියන් උත්තරීතර සම්බුදු සසුන වෙනුවෙන් ඉටුකර ඇති මහා සේවාව පිළිගනිමින් තවදුරටත් එම සේවාවේ කර්තව්‍යයන් ඉදිරියට ගෙන යන්නට අනුනායක පදවියෙන් පුදනු ලබන අවස්ථාව අපේ රටේ බෞද්ධ ජනතාවගේ සිත් සතන්වලට ලබා දෙන ශක්තිමත් දායාදයක්.
අපේ ආචාර්ය වලේබොඩ අනුනායක හිමියෝ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විවිධ කැපවීම් කළ එම සේවාව ඉදිරියට ගෙන යන්නට කටයුතු කළ ආකාරයද සිහිපත් කරනවා. මයුරපාද පිරිවෙන එවැනි කේන්ද්‍රස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමේ වගකීම අපේ අනුනායක ස්වාමීන් වහන්සේට දීර්ඝ කාලයක් පුරා ලැබුණු ප්‍රධානම කර්තව්‍යයක් ලෙස බාරගෙන කැපවීම අධිෂ්ඨානය සමඟ සංවිධානාත්මක ක්‍රියාවලියට ප්‍රදේශයේ විවිධ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් ආදර්ශවත් නායකත්වයක් ඔබ වහන්සේ විසින් දුන් බව අප සඳහන් කරන්න ඕනෑ.
මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය, ඇමැතිවරුන් වන විජේදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, ජගත් කුමාර, ප්‍රදීප් උඳුගොඩ මහත්වරුන් ඇතුළු දායක දායිකාවන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
නුවන් කොඩිකාර
නව අදහස දක්වන්න