දිමුත් නැවතත් එක්දින සංචිතයට | දිනමිණ

දිමුත් නැවතත් එක්දින සංචිතයට

එළඹෙන ජූනි මාසයේ ආරම්භවීමට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ව ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.
 
ඊට හේතුව මීට පෙර නම් කළ 30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට එක්කර සිටි කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිශ්ශංක මේ දක්වාත් ඔවුන්ගේ ආබාධ තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා නොසිටීමය.
 
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පුහුණු සැසියේදී කුසල් ජනිත් සහ පැතුම් සුළු ආබාධවලට ලක්විය. 
 
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්නව මූලික සංචිතයට එක් කළද, කුසල් පෙරේරාව එම සංචිතයෙන් පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බවද වාර්තා වේ.
 
දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගයක් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2020 වසරේදී වන අතර ඔහු එවකට ජාතික කණ්ඩායමේ නායකයා ද විය.

නව අදහස දක්වන්න