අනා­ග­තය සරු කරන තුරුණු පෙර­ළි­යක ඇරැ­ඹුම | දිනමිණ

අනා­ග­තය සරු කරන තුරුණු පෙර­ළි­යක ඇරැ­ඹුම

රටක අනා­ග­තය නිසි මඟට ගන්නේද එහි අනා­ග­තය කෙසේ විය යුතුද? ඒ මාර්ගය කුම­නා­කා­ර­යෙන් සකස් විය යුතුද? යන්න තීර­ණය කරනු ලබන්නේ ද ඒ රටේ තරුණ පර­පුර විසිනි. රටක ඉදිරි පැවැත්ම සඳහා තාරු­ණ්‍යයේ දාය­ක­ත්වය ඒ තර­ම­ටම ප්‍රබ­ල­ සා­ධ­ක­යකි. තරු­ණයා යනු වයස දහ අට සිට තිස්පහ දක්වා පිරි­සයි. සැමදා තරුණ පර­පුර සඳහා ඉඩ ලබා දෙන බවට දේශ­පා­ල­න­ඥයෝ නොයෙක් අව­ස්ථා­වල නොයෙක් පුර­සා­රම් දෙඩු­වද තව­මත් එය යථා­ර්ථ­යක් බවට පත්වූයේ නැත. ගමේ භාෂා­වෙන් සඳ­හන් කළ­හොත්, බොහෝ දෙනාගේ කතාව දෝලා­වෙන් වුවද ගමන පයිනි. තරු­ණ­ය­නට දේශ­පා­ලන තීන්දු තීරණ ගැනී­මට ඉඩ ලබා දීමද මෙතෙක් පැවැ­තියේ හුදු කතා­වක් ලෙසිනි. 1990 දී තරුණ අස­හ­න­යට ප්‍රති­කර්ම සෙවීම සඳහා පත්කළ කොමි­ස­මෙන් තරු­ණ­ය­නට දේශ­පා­ලන අවස්ථා සඳහා පළාත් පාලන අපේ­ක්ෂක කෝටා­වෙන් 40%ක ඉඩක් වෙන් කළ ද 2017 නව පළාත් පාලන ක්‍රමය තුළ ඒ අව­ස්ථාද තරු­ණ­යන්ට ද නොදැනී ඔවුන්ට එය අහි­මිව ගොස් තිබුණි. මේ තත්ත්වය තුළ තාත්තා හෝ අම්මා දේශ­පා­ල­න­ඥ­යකු නොවේ නම්, ගමේ සාමාන්‍ය පවු­ලක තරු­ණ­ය­කුට දේශ­පා­ල­නය තුළ තැනක් ලබා ගැනීම කණ කැස්බෑවා විය සිදු­රෙන් එළිය දැකීම තරම් දුෂ්කර කට­යු­ත්තක් බවට පත්ව තිබුණි. පසු­ගිය වසර වන විට "සිස්ටම් චේන්ජ්" එකක් හෙවත් ක්‍රම වෙන­සක් සිදු කළ යුතු බවට ප්‍රබල හඬක් නැඟ ආවද එම ඉල්ලීම ද තවත් දේශ­පා­ලන තොරො­ම්බ­ලක් පම­ණක් බවට පත්ව තිබුණි. තරුණ අර­ග­ල­ක­රු­වන් තරු­ණ­යන් වෙත දේශ­පා­ලන ඉඩ විවර කර දෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ සටන් පාඨ­යම සාම්ප්‍ර­දා­යික දේශ­පා­ලන බිමෙන්ද මතු වෙමින් තිබුණි. එහෙත්, එය ක්‍රියා­වක් ලෙස ඉටු කිරී­මට කිසි­වකු උත්සුක වූයේ ද නැත.

 

ස්ථාවර නියෝග සංශෝ­ධ­නය

පාර්ලි­මේ­න්තුව තුළ විවිධ විෂ­යන් අධී­ක්ෂ­ණය සඳහා ආංශික අධී­ක්ෂණ කමිටු දාහ­තක් පිහි­ටු­වීම පසු­ගිය කාල­යේදී සිදු වූ අතර සාමාන්‍ය ලෙස ගත් කළ පිහි­ටු­වනු ලබන ආංශික අධී­ක්ෂ­ණය කමිටු සඳහා පත්වීම් ලැබිය හැක්කේ මහ­ජන කැමැ­ත්තෙන් හෝ ජාතික ලැයි­ස්තුව අනුව පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරනු ලබන මන්ත්‍රී­ව­ර­යකු හට පමණි. ඒ තුළ තරුණ නියෝ­ජි­ත­යන් සඳහා ඉඩ ලබා දීම දුෂ්කර කට­යු­ත්තකි.එහෙත්, ඒ සඳහා ඇති එකම මාර්ගය වන්නේ පාර්ලි­මේන්තු ස්ථාවර නියෝග සංශෝ­ධ­නය කිරී­මය. එම කාර්යයෙන් පසු අවශ්‍ය සංශෝ­ධන යෝජනා ඇතු­ළත් කළ හැකිය. ආංශික අධී­ක්ෂණ කමිටු සඳහා පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු නොවන තරුණ තරු­ණි­යන් වෙත අව­ස්ථාව ලබා දීම සිදු වන්නේ ඒ අනු­වය.

ආංශික අධී­ක්ෂ­ණය සභා ඇති කිරී­මත් ඒ සඳහා තරුණ තරු­ණි­යන් පස්දෙනා බැඟින් අව­ස්ථාව ලබා දීම යන යෝජ­නාව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ යෝජ­නා­වකි. පසු­ගිය අවු­රුද්දේ පැවැති රාජ­පක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්වී­මෙන් පසු අග­මැති ධූර­ය­ටත් ඉන් පසු කෙටි කල­කින් ජනා­ධි­පති ධූර­යට ද පත්වන වික්‍ර­ම­සිංහ මහ­තාට අවශ්‍ය වන්නේ එතෙක් ඉහළ තලයේ පවුල් කිහි­ප­යක තරුණ තරු­ණි­යන් වෙත විව­රව තිබූ දේශ­පා­ලන අව­කා­ශ­යට සාමාන්‍ය පවු­ල්ව­ලින් පැමිණි උගත් සහ බුද්ධි­මත් තරුණ කොටස් වෙත ද සම්බන්ධ වීමට ඉඩ­කඩ ලබා දීමය. එය ඉතා­මත් ප්‍රග­ති­ශීලී සහ රටේ ඉදිරි අවු­රුදු විසි­ප­හක අනා­ග­තය ඉලක්ක කර­ගෙන ඇති කළ සංක­ල්ප­යක් ලෙස සඳ­හන් කිරීම අති­ශ­යෝ­ක්ති­යක් නොවේ.

 

සක්‍රීය බල­තල

මේ පිළි­බඳ නව යෝජ­නා­වක් නිර්මා­ණය සඳහා ජනා­ධි­ප­ති­ව­රයා ඇරි­යුම් කරනු ලබන්නේ මෙරට ජ්‍යෙෂ්්ඨතම දේශ­පා­ල­ඥ­යකු සහ කථා­නා­ය­ක­ව­ර­ය­කු ­වන දේශ­බන්දු කරූ ජය­සූ­රිය මහතා වෙතය. ඒ අනුව සැකැ­සුණු ආංශික අධී­ක්ෂණ කමිටු වෙත ඉල්ලු­ම්පත් මඟින් යොමු­ක­රන ඉල්ලීම් සම්මුඛ පරී­ක්ෂණ මඟින් තෝරා­ගෙන පාර්ලි­මේන්තු ආංශික අධී­ක්ෂණ කමිටු සඳහා යොමු කෙරේ.මෙහිදී තරුණ පිරිස් වෙතද පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු සමඟ එක්ව මේ කමි­ටු­වල සමාන මට්ට­මින් කට­යුතු කිරී­මට අව­ස්ථාව උදාවේ. එහිදී අධී­ක්ෂණ කට­යුතු මෙන්ම තම යෝජනා ඉදි­රි­පත් කිරී­මට ද අව­ස්ථා­වක් තරුණ තරු­ණි­යන් වෙත ලැබේ.

ලොව පුරා දේශ­පා­ලන කට­යුතු සඳහා තරුණ පිරිස් සම්බන්ධ කරනු ලබන වැඩ­ස­ට­හන් තිබුණ ද මෙත­රම් සක්‍රීය බල­තල සමඟ අව­ස්ථාව ලැබෙන වැඩ­පි­ළි­වෙ­ළක් දියුණු ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් ඇතැයි කියන බ්‍රිතාන්‍ය හෝ බට­හිර වෙනත් රටක හෝ නොති­බීම අප රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාර්ලි­මේන්තු ක්‍රමය ලොව හොඳම පාර්ලි­මේන්තු ක්‍රම­යක් බව සහ තරුණ පිරිස් වෙත වැඩිම ඉඩක් ලබා දෙන රටක් බවට පත්වීම ගැන සතුටු විය හැකිය.

 

ගැබ තුළ වාද විවාද කිරීම

බොහෝ රට­වල ක්‍රියා­ත්මක වන මෙවැනි ක්‍රම­වල තරුණ පිරිස් වෙත ලැබෙන්නේ නිරී­ක්ෂ­ණය මට්ටමේ අවස්ථා පමණි එහෙත් පාර්ලි­මේන්තු ආංශික අධී­ක්ෂණ කමිටු හරහා ක්‍රියා­කාරී ලෙස මේ සඳහා සම්බන්ධ වීමට ඉඩ ලැබීම සුවි­ශේෂ තත්ව­යක් ලෙස සඳ­හන් කළ හැකිය. මෙම නව ආංශික කමිටු වෙත පත්වන තරු­ණි­යන් වෙත නොලැ­බෙන අව­ස්ථා වන්නේ සභා ගැබට පිවි­සීම සහ පාර්ලි­මේන්තු විවා­ද­යෙන් පසු ඡන්දය භාවිත කිරී­මට ඉඩ නොලැ­බීම පමණි. ඒ හැර පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු වෙත ලැබෙන සියලු අවස්ථා ඔවු­නට ද ලැබේ. අප දකින පාර්ලි­මේන්තු ක්‍රමය තුළ ප්‍රධාන දේ බවට පෙනෙන්නේ සභා ගැබ තුළ වාද විවාද කිරීම සහ පක්ෂව හෝ විප­ක්ෂව ඡන්දය ලබා දීමත් පමණි. එහෙත්, ඒ හැර බොහෝ තීර­ණා­ත්මක දේවල් සභා ගැබෙන් පිට සිදුවේ. පාර්ලි­මේ­න්තු­වට ගෙන එන යෝජනා සැකැ­සෙන්නේ කාරක සභා­වල සාකච්ඡා කිරී­මෙනි. එහිදී අලු­තින් පත්ව එන තරුණ නියෝ­ජි­ත­යන් වෙතද අදාළ කෙටු­ම්පත් සඳහා යෝජනා ඉදි­රි­පත් කිරී­මට අව­ස්ථාව හිමිවේ. මේ පිළි­බඳ තරුණ නියෝ­ජි­ත­යන් දැනුම්­වත් කිරීම සඳහා වූ වැඩ­මු­ළුව පව­ත්වන ලද්දේ පසු­ගිය දහ­තු­න්වන සෙන­සු­රාදා බත්ත­ර­මුල්ල වෝට­ර්ස්එජ් පරි­ශ්‍ර­යේ­දීය. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ විප­ක්ෂ නායක සජිත් ප්‍රේම­දාස, අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන සහ යූ. එන්. ඩි. පී. ශ්‍රී ලංකා නිත්‍ය නියෝ­ජිත අසූසා කුබෝටා යන මහත්ම මහ­ත්මීන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විය. මේ නව ක්‍රමය පිළි­බඳ කරුණු ඉදි­රි­පත් කළ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සඳ­හන් කළේ ක්‍රමය වෙනස් කළ හැක්කේ ක්‍රම­යෙන් බැහැ­රව සටන් කිරී­මෙන් නොව ක්‍රමය තුළට ඇතු­ළත්ව කට­යුතු කිරී­මෙන් බවයි. ඔහු සඳ­හන් කරන පරිදි මෙතෙක් තරුණ කොට­ස්ව­ලට නොලැ­බෙන අව­ස්ථා­වක් රට දුෂ්කරම කාලය පසු කරන කාල­යක ලැබීම ඉතා­මත් වැද­ගත් බවය. එහි සත්‍යයක් තිබේ. රට පත්ව ඇති තත්ත්වය තුළ එය නැවත යථා තත්ත්ව­යට පත්කි­රීම තනිව කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා අලුත් අද­හස් ඇති තරුණ කණ්ඩා­ය­ම්වල අද­හස් ඉතා­මත් වැද­ගත්ය. ඒ අද­හස් වඩාත් වැද­ගත් වන්නේ ඒවා බාහි­රව සිට පළ කරන අද­හස් නොව. ප්‍රති­පත්ති තීර­ණය කරනු ලබන යාන්ත්‍ර­ණය තුළ සිටම ක්‍රියා­ත්මක කිරී­මට හැකි­යාව ලැබී­මය.
පාර්ලි­මේන්තු ආංශික අධි­ක්ෂණ සභා සඳහා තරු­ණ­යන්ට අව­ස්ථාව ලබා දිය යුතු බවට වූ යෝජ­නාව ඉදි­රි­පත් වූ පසු ආණ්ඩු පක්ෂ, විපක්ෂ භේද­ය­කින් තොරව එයට පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන සියලු පක්ෂ­වල එක­ග­තාව සහ උන­න්දුව ඇති­විය. ඒ් අතර කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන, අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­ත්වරු විශාල සහ­යෝ­ග­යක් ලබා දී තිබේ. මෙම වැඩ­මු­ළුව අම­ත­මින් අග­මැති ගුණ­ව­ර්ධන මහතා තරු­ණ­යන් වෙත ලැබුණ මෙම අව­ස්ථාව දැඩි ලෙස අගය කළ අතර අනා­ග­තය මෙරට තරුණ පර­පුර වෙත භාර දීම සහ ඒ සඳහා තරුණ පර­පුර පුරුදු පුහු­ණු­වට ලැබුණු ඉඩක් බව ද සඳ­හන් කළේය. අග­මැ­ති­ව­රයා සඳ­හන් කරන පරිදි පාර්ලි­මේන්තු ක්‍රම­යට සක්‍රී­යව සම්බ­න්ධව වැඩ කිරී­මට ලැබීම සුවි­ශේෂ කරු­ණක් බවද පෙන්වා දුන්නේය.

අනා­ගත අභි­යෝග ජය ගැනීම
විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉදි­රි­පත් කළ තරු­ණ­ය­නට ඉඩ ලැබෙන මෙම වැඩ­ස­ට­හන දැඩි ලෙස අගය කළ අතර ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මෙම ප්‍රග­ති­ශීලී කාර්ය සඳහා විප­ක්ෂය පූර්ණ සහාය දෙන බව සඳ­හන් කළ අතර කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා සඳ­හන් කළේ, රටේ අනා­ග­තය සුබ­දා­යක ලෙස වෙනස් කළ හැක්කේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය තුළ අලුත් අද­හස් ඇති තරුණ කණ්ඩා­යම් වෙත වැඩි ඉඩක් ලබා දීමෙන් බවය. යූ. එන්. ඩී. පි මෙරට නියෝ­ජිත කුබෝටා මහ­ත්මිය සහ එම සංවි­ධා­නය විශාල සහ­යෝ­ග­යක් මෙම වැඩ­පි­ළි­වෙළ සඳහා ලබා දී තිබේ. ඇය මෙම වැඩ­පි­ළි­වෙළ දැඩි ලෙස අගය කළ අතර මෙය ලෝකයේ සෙසු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රට­ව­ල­ටද ආද­ර්ශ­යක් බව සඳ­හන් කළේය. දිව­යිනේ විවිධ ප්‍රදේශ විවිධ සමාජ කණ්ඩා­යම්, විවිධ දේශ­පා­ලන අද­හස් විවිධ ජාතීන් ආගම් නියෝ­ජ­නය කරනු ලබන ආංශික අධී­ක්ෂණ සභා සඳහා තෝරා­ගත් පිරිස පන්සිය තිස්ප­හකි. ඔවුන් වැඩ­මු­ළුව සඳහා එක්ව සිටියේ රටේ අනා­ග­තය සඳහා වූ සුබ­වාදී ආකල්ප සහි­ත­වය. ඔවු­නගේ අද­හස බවට පත්ව තිබෙන්නේ මෙවැනි දුෂ්කර කාල­යක ප්‍රති­පත්ති සම්පා­ද­නය සඳහා තම දාය­ක­ත්වය ලබා දීමය. ඒ් මෙරට ජන­ග­හ­න­යෙන් 32%ක ප්‍රමා­ණ­යකි. එහෙත්, මෙතෙක් කල් ඔවු­නට දේශ­පා­ල­නය තුළ ලැබුණේ ඉතා­මත් අල්ප ඉඩකි. ඒ ඉඩද ලැබුණේ සුදු­සු­කම් මත නොව දේශ­පා­ලන නෑදෑ­කම් පද­නම් කර ගනි­මිනි. එහෙත්, නව ආංශික කමිටු තරුණ නියෝ­ජ­නය කරන්නේ එවැනි දේශ­පා­ලන නෑදෑ­යන් නොව පොදු ජන­තා­වගේ දූ දරු­වන්ය. අප මෙම වැඩ­මු­ළුව ආව­ර­ණය සඳහා එක්වූ අතර එහිදී අපට මේ විවි­ධ­ත්වය හොඳා­කා­රව දැක ගැනී­මට ලැබුණි. ජනා­ධි­පති වික්‍ර­ම­සිංහ මහතා ඇමැ­ති­ව­ර­යකුව සිටි­යදී තරුණ සේවා සභාව ඇති කිරීම මඟින් කලාවේ ඉදිරි ගම­නට නව පර­පු­රක් බිහි කළාක් මෙන් නව තරුණ නියෝ­ජ­නය මඟින් දේශ­පා­ල­නය තුළ ද රටේ අනා­ගත අභි­යෝග ජය ගැනී­මට හැකි තරුණ පෙළක් බිහි­වනු නොඅ­නු­මා­නය.
යොවුන් පාර්ලි­මේ­න්තුව වැනි නව අද­හස්ද කල­කට පෙර ක්‍රියා­ත්මක වූ අතර එම­ඟින් තරුණ පර­පු­රට හොඳ හුරු­වක් ලැබුණි. යොවුන් පාර්ලි­මේ­න්තුව මෙන් වූ ක්‍රියා­මාර්ග මෙන්ම අනා­ග­තයේ සෑම ග්‍රාම නිල­ධා­රී කොට්ඨා­ස­යක් සඳ­හාම ජනසභා­වක් පිහි­ටු­වී­මට ද යෝජි­තව තිබේ. එම­ඟින් ප්‍රාදේ­ශීය මට්ටමේ තරුණ කණ්ඩා­යම් සඳහා අලුත් ඉඩක් විව­ර­වන අතර එය ඉදිරි අවු­රුදු විසි­ප­හේදී රට අලුත් මාව­තක් වෙත රැගෙන යාමට හොඳ ඉඩක් විවර කර දෙයි. පසු­ගිය කාලයේ තරු­ණ­යන්ගේ පළමු ඉල්ලීම වූයේ දේශ­පා­ල­නය තුළ විය­පත් පැරැණි ක්‍රම වෙනු­වට අලු­තින් ක්‍රම ඇති කරන ලෙසය. දෙසිය විසි­ප­හම එපා, යැයි සටන් පාඨ­යක් මතුව ආවේ එබැ­විනි. එහෙත්, එවැනි සටන් පාඨ මඟින් පම­ණක් රටක් වෙනස් කළ නොහැ­කිය. ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙ­ළක් කොතැ­නින් හෝ ආරම්භ කළ යුතුය. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් පක්ෂ විපක්ෂ සැමගේ සහ­යෝ­ග­යෙන් ආරම්භ කර තිබෙන්නේ ඒ වැඩ­පි­ළි­වෙ­ළයි. තරුණ පර­පු­රට අවශ්‍ය දැනු­ම්වත් වීම සඳහා පාර්ලි­මේන්තු පුස්ත­කා­ලය ඇතුළු ස්ථාන භාවිතා කිරී­මට මෙන්ම ජේ. ආර්. ජය­ව­ර්ධන කේන්ද්‍රයේ දේශ­පා­ලන පුහුණු පාඨ­මාලා ද ඇතු­ළත්ය. සැබැ­වින්ම තරු­ණ­යන් වෙත ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මුදුන් මුල වැනි පාර්ලි­මේ­න්තුවේ ලබා දෙන සක්‍රීය ඉඩ කඩ අගය කළ යුතුය.

උදිත ගුණ­ව­ර්ධන
ඡායා­රූප - චින්තක කුමා­ර­සිංහ

නව අදහස දක්වන්න