ගිනස් පොතට ගිය වයස්ගතම සුනඛයා ‘බොබී’ 31 උපන්දිනය සමරයි | දිනමිණ

ගිනස් පොතට ගිය වයස්ගතම සුනඛයා ‘බොබී’ 31 උපන්දිනය සමරයි

ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තාපොතට ගිය පෘතුගාලයේ ‘බොබී’ නමැති සුනඛයාගේ 31 වැනි උපන්දිනය පසුගියදා සැමරූ බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. දකුණු පෘතුගාලයේ ග්‍රාමීය පවුලක හැදී වැඩෙන බොබීගේ උපන්දින උත්සවය නිවැසියන් විසින් ඉතා ඉහළින් සමරනු ලැබූ බවද වාර්තා වේ. බොබීගේ හාම්පුතා වන ලියොනල් කොස්තා ප්‍රකාශ කර ඇත්තේ එය ඉතා සම්ප්‍රදායික උපන්දින උත්සවයක් ලෙස පැවැත්වූ බවය.

ඒ සඳහා ආරාධිතයන් සියයකට වැඩි පිරිසක් ද සහභාගි වී ඇති අතර, නර්තන කණ්ඩායමක් ද ගෙන්වා බොබී වෙනුවෙන් විශේෂ නර්තන ප්‍රසංගයක්ද පවත්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

වයස 31ක් වුවද බොබී ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පසුවන බවද ලියොනල් කොස්තා සඳහන් කර තිබේ.

 

නව අදහස දක්වන්න