Monday, මැයි 15, 2023 - 01:00
ඉන්දියාවේ චෙන්නායි නුවර ගුවන්තොටුපොළේ රේගු නිලධාරින් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චෙන්නායි ගුවන්තොටුපොළට පැමිණි කාන්තාවකගේ ගමන් මල්ලෙන් විශාල සර්පයෝ 22ක් සහ කටුස්සකු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇගේ ගමන් මල්ලෙන් සර්පයන් පිටතට ගන්නා වීඩියෝ පටයේ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලා අතර සංසරණය වෙමින් පවතී.
රේගු නිලධාරින් මේ සර්පයන් තොගය සොයා ගෙන ඇත්තේ ඇගේ ගමන් බෑගය පිළිබඳ ඇති වූ සැකයක් මත කරනු ලැබූ සෝදිසි කිරිමකදීය. ප්ලාස්ටික් භාජනවල අසුරා තිබූ විශාල සර්පයන් පසුව රේගු නිලධාරීන් විසින් සොයා ගැනීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
නව අදහස දක්වන්න