මියන්මාරයටත් හානි
දින කිහිපයක් පුරා දකුණු ආසියාතික රටවල් භීතියට පත් කළ ‘මෝඛා’ සුළි කුණාටුව ඊයේ බංග්ලාදේශයට සහ මියන්මාරයට කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැයට කිලෝමීටර් 200කට අධික වේගයෙන් හමා ගිය සුළි කුණාටුව දෙරටෙහිම මුහුදුබඩ පළාත් ගණනාවකට දරුණු හානි සිදු කර ඇතැයි ද, පුද්ගලයන් දහස් සංඛ්‍යාවක් අවතැන් වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයන් විසින් 5 වැනි වර්ගීකරණයේ සුළි කුණාටුවක් ලෙස නම් කර තිබු ‘මෝඛා’ සුළි කුණාටුව අනාවැකි පළ කළ ආකාරයටම ඊයේ දහවල් බංග්ලාදේශයේ පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන ‘කොක්ස් බසාර්’ රෝහින්ග්‍යා සරණගත කඳවුරු භූමිය මුළුමනින්ම විනාශ කර ඇති අතර, ඊට පෙර ලක්ෂ 5කට අධික සරණාගතයන් පිරිසක් එම කඳවුරෙන් ඉවත් කර තිබීමෙන් ජීවිත හානියක් සිදු නොවූ බව වැඩිදුරටත් වාර්තා වේ.
නව අදහස දක්වන්න