රත්නපුරේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානම් නිවේදන | දිනමිණ

රත්නපුරේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානම් නිවේදන

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසවලට නායයැමේ අවදානම් නීවේදන  ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්  නිකුත් කර තිබේ .
 
පවතින වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අවදානම් පළමු මට්ටමේ නීවේදනය මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත  අද ( 15) නිකුත් කර ඇත.
 
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැළුණු නමුත් ගංගාවල ජල මට්ටම ගංවතුර මට්ටමකට වැඩිවි නොතිබුණි . 
                                                                                                                  
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගස් කඩා වැටිම් කිපයක් වාර්තා වි තිබිණ  .    

නව අදහස දක්වන්න