සෑම රෝගියෙක්ම සැනසෙන ලෙස කටයුතු කරන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සමස්ත හෙද කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි | දිනමිණ

සෑම රෝගියෙක්ම සැනසෙන ලෙස කටයුතු කරන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සමස්ත හෙද කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි

 

සෑම රෝගියෙක්ම සැනසෙ‍න අයුරින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සමස්ත හෙද කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය.

ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සංවිධාන කළ උත්සවයක් කොළඹ කේරි විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා ( 13 ) පැවති අතර, එහිදී ඒ මහතා මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

"සියලුම රෝගීන් සිතා සිටින්නේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දෙවියන් කියලා. රෝගීන් සිතන අයුරින්ම දෙවියන් ලෙස හැසිරී නිහතමානීව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.යක්ෂයෙක් ලෙස හැසිරුණොත් මේ වෘත්තිය සම්පූර්ණයෙන්ම පිරිහෙනවා.

මේ අවස්ථාව දීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. 2019 කොවිඩ් වසංගතයත් සමඟ පටන් ගත් දිවිල්ල තාම අපි ඉවර කර නෑ. කොව්ඩ හමුවේ ඔබ සියලු දෙනා කළ කැපවීම අගය කළ යුතුයි. කොවිඩ් පටන් ගන්න විට අපි කිසිවක් දැන සිටියේ නෑ. චීනය කරන දේ බලාගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ රැගෙන අපි අල්පෙනෙත්තේ සිට එකතු කර ගත්තා. තම ජීවිතය පරදුවට තබා කොවිඩ්වලින් අන් අයගේ ජීවිත බේරා ගන්න ඔබ සියලු දෙනා අසීමිත කැපවීමක් සිදු කළා. කොවිඩ් රටින් තුරන් කරන්න හැකි වුණේ ඔබ සියලු දෙනාගේ කැපවීම නිසයි. සෞඛ්‍ය සේවාව, ත්‍රිවිධ හමුදා, පොලිසි විතරයි කොව්ඩ් කාලේ වැඩ කළේ. අනෙක් සියලු දෙනා ලොක් ඩවුන් කර තිබූ කාලයක ඔබ සියලු දෙනා එක සේ කැපවී කටයුතු කළා.

 

ඡායාරූපය - ගයාන් පුෂ්පික

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න