ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච් ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් තිළිණ කෙරේ.
බීච්ක්‍රාෆ්ට් KA350 King Air (ලියාපදිංචිය A32-673) යනු නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි.
මෙම ගුවන් යානය පිරිනැමීමට අදාළව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය විසින් ලබාදුන් ලිපිය ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන් මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් පසුගියදා භාර දෙනු ලැබීය. ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය, පළමු ලේකම් බ්‍රෙට් සෙහන්ඩර් මහතා සහ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
නව අදහස දක්වන්න