ගත වූ මාස 4ක කාලය තුළ මෙරටින් ලාදුරු රෝගීන් 500 දෙනකු වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ මුල් මාස හතරට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් ගන්නා බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවැසීය.
මේ වසරේ පසුගිය මාස 04 තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 86ක්, ගම්පහ සහ මඩකලපු දිස්ත්‍රික්කවලින් රෝගීන් 48 බැගින්ද ගාල්ල දිස්ත්‍රිකක්කයෙන් 36 දෙනකු සහ අනෙක් රෝගීන්
පිරිස සෙසු දිස්ත්‍රික්වලින් වර්තා වී ඇති බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේය.
මේ අනුව කොළඹ, ගම්පහ, මඩකලපුව සහ ගාල්ල යන් දිස්ත්‍රික්ක 04න් රෝගීන් 218ක් වර්තා වී තිබිය දී අනෙක් දිස්ත්‍රික් 21න්ම වාර්තා වී ඇත්තේ රෝගීන් 282කි .
ලාදුරු රෝගය සුවකරගැනීමට මේ වනවිට ඉතාමත් සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබිය දී සමාජයේ තවමත් පවතින දුර්මත නිසා රෝහල්වල වෛද්‍ය සායනවලට නොගොස් ප්‍රතිකාර සඳහා වෛද්‍යො සායනවලට ඉදිරිපත් නොවීමෙන් බොහෝ රෝගීන් තම රෝගී තත්ත්වය ව්‍යාප්ත කරගෙන ඇති බව ද අධ්‍යක්ෂවරයා කීවේය. මෙම රෝගයට නියමාකාරයෙන් ප්‍රතිකාර ලබාගතහොත් මසක් හෝ වැඩිම වුවහොත් මාස 06ක් තුළ රෝගය සුවකර ගත හැකි බව විශේෂඥ වෛද්‍ය රණවීර මහතා පැවසුවේය.
නව අදහස දක්වන්න