මුහුදු මාවතේ රේස් පැද්ද යතුරුපැදි කරුවන් 8ක් දැලේ | දිනමිණ

මුහුදු මාවතේ රේස් පැද්ද යතුරුපැදි කරුවන් 8ක් දැලේ

ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නීති විරෝධී ලෙස සංවිධානය කරන ලද මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරුණයන් අටදෙනකු යතුරුපැදි පහක් සමඟ ඊයේ (14) අලුයම බම්බලපිටිය මුහුදු මාවතේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. යතුරු පැදි 500කට ආසන්න සංඛ්‍යාවක් මුහුදු මාර්ගයේ ගමන් ගත් වාහනවලට සහ පදිකයන්ගේ ජීවිත හා දේපළවලට හානි වන ආකාරයෙන් වෙට්ටු දමමින් සහ තනි රෝදයෙන් ධාවනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව ඒකක 6 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් එම ප්‍රදේශය වටලා සැකකාර තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තරුණයන් ටික් ටොක් සමාජ ජාල හරහා සම්බන්ධ කරගත් සංවිධාකයන් හා මෙහෙයවන පුද්ගලයන් කවුරුන්ද යන්න විමර්ශනවලදී අනාවරණය කරගෙන රථවාහන වැරැද්දකට එහා ගිය අපරාධමය වරදක් ලෙස සලකා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න