පැරණි පෙම්වතියට වෙඩි තැබූ පුද්ගලයාත් වෙඩි තබාගෙන මරුට | දිනමිණ

පැරණි පෙම්වතියට වෙඩි තැබූ පුද්ගලයාත් වෙඩි තබාගෙන මරුට

පුද්ගලයකු විසින් කාන්තාවකට වෙඩි තැබීමෙන් අනතුරුව ඔහුද වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගැනීමේ පුවතක් වවුනියාව, පරයානාලන්කුලම් නිලියාමොට්ටේ ප්‍රදේශයෙන් පෙරේදා (13) වාර්තා විය. වවුනියාව පරයානාලන්කුලම් පොලිසිය පැවසුවේ මියගිය කාන්තාව විවාහ වීමට පෙර මෙම පුද්ගලයා සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් අති අතර පසුව ඇය වෙනත් අයකු සමඟ මීට කාලයකට පෙර විවාහ වී ඇති බවයි. මේ වන විට එම කාන්තාව එක් දරු මවක් වන අතර ඇය සිය ස්වාමියා සමඟ නිලියාමොට්ටේ ගම්මානයේ පදිංචිව සිටින අතර පැරණි පෙම්වතාද එම ගම්මානයේදීම ජීවත්ව සිට ඇත. වෙඩි තැබූ පුද්ගලයා කාන්තාවගේ නි‍ෙවසට පැමිණ ඇයට වෙඩි තබා මරා දමා ඔහු නිලියාමොට්ටේ කෝවිල අසලට ගොස් එම තුවක්කුවෙන්ම වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ මළ සිරුර අසල තිබී තුවක්කුවක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක කාන්තාවක් වන නිව්ටන් දර්ශනී හා වයස අවුරුදු විසි හතරක සිවපාලන් සුජන්තන් නමැති පුද්ගලයෙකි. මේ වන විට මළ සිරුරු දෙක පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණ නියෝග මත වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් ඇති අතර පරයනාලන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

 

නව අදහස දක්වන්න