මේ වසරේ (2023) මේ වන විට දරුවන් 08 දෙනකු ඝාතනයට ලක්වීම් සම්බන්ධයෙන් පොලිසියට වාර්තාවී තිබේ.
මේ වසරේ වයස අවුරුදු 16 අඩු දැරියන් ප්‍රේම සම්බන්ධතා මත පමණක් 286 දෙනකු දූෂණයට ලක්වීම් සම්බන්ධව පොලිසියට වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දිනමිණට පැවැසීය.
ඒ අනුව දරුවන්ට වැඩිහිටියන්ගෙන් සිදුවූ සුළු වැරැදි අපරාධයන් මේ වසරේ මේ වන විට 621ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ අනුව දරුවන් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම් 159ක්, අවුරුදු 16ට අඩු දරුවන්ට බලහත්කාරය පාවිච්චි කිරීම් 73ක්, අවුරුදු 16ත් 18ත් අඩු දරුවන්ට බලහත්කාරය පාවිච්චි කිරීම් 09ක්, ළමයින් සම්බන්ධ බරපතළ ලිංගික අපයෝජන 158ක්, ළමයින් කෘරත්වයට පත් කිරීම් 23ක්, ලිංගික අතවර කිරීම් 23ක්, පහරදීම් හා තුවාල සිදු කිරීම් 168ක්, ආරක්ෂාව හා දරුවන්ගේ භාරය සම්බන්ධයෙන් පැමිණිලි 100ක් පොලිසියට වාර්තා වී තිබේ.
මේ සියලුම දරුවන්ට සිදුවූ අපරාධයන් වැඩිහිටියන් දරුවන් කෙරෙහි අවධානයෙන් සහ සැලකිල්ලෙන් ඔවුන් සමඟ සමීපව සොයා බලා කටයුතු කරන්නේ නම් වළක්වා ගත හැකිව තිබූ ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
තම දරුවන් ආරක්ෂා කිරීම දෙමාපියන්ගේ පමණක් නොව මුළු සමාජයේම වගකීමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රක්ෂණ ශ්‍රියන්ත
නව අදහස දක්වන්න