රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
පසුගිය සතියට වඩා මේ සතියේ ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 3කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ වන විට වර්ෂය ආරම්භයේ සිට ඩෙංගු ආසාදිතයන් 32,000ක් පමණ වාර්තා වී තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, කල්මුණේ, පුත්තලම, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කයන්හි ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බව ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
මේ දිනයන්හි පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන්ගේ බෝ වීම ඉහළ යා හැකි බවත් තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පවත්වාගෙන යාමෙන් ඩෙංගු ආසාදිතයන් අවම කර ගත හැකි බවත් වෛද්‍යවරු ප්‍රකාශ කරති.
සන්ධ්‍යා කරුණාරත්න
නව අදහස දක්වන්න