සමඟි ජන බලවේගයෙන් ඉවත්වී තමා යළිත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බව සමඟි ජන බලවේගයේ උප සභාපති හිටපු ඇමැති පී.හැරිසන් මහතා පැවැසීය.
අනුරාධපුර පැවැති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පී.හැරිසන් මහතා....
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාර ගත්තේ පැය දොළහක් පහළොවක් ලයිට් නැති රටක්. ඉන්ධන නැති රටක්. මේවාට ක්‍රමක්ක්‍රමයෙන් විසඳුම් දීලා තිබෙනවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා මොකක්ද කිව්වේ. එතුමා කිව්වා මට අරාබියේ රටවල් ඉන්නවා උදව් කරන්න තෙල් දෙන්න. හැබැයි එහෙමනම් එතුමාට ඒ වෙලාවේ තිබ්බා ඒ රටවල්වලට කතා කරලා රටේ ජනතාව වෙනුවෙන් තෙල් ටිකක් අරන් දෙන්න. එතුමා සිහින ලෝකයක ජීවත්වෙලා හරි යනවාද? රටේ ජනතාව ගැන හිතන්න ඕන.
එදා රටට සුනාමි ආපු වෙලාවෙ හරි රනිල් වික්‍රමසිංහ මහතා කිසිම කොන්දේසියක් නැතිව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ අත්වැල් බැඳගෙන රටට උදව් කරන්න ඉදිරිපත් වුණා.
එහෙම තමයි විපක්ෂ නායකවරයකුගේ යුතුකම. පාර්ලිමේන්තුවේ ගිහින් කියනවානම් හොඳ කොන්දක් තියෙනවා. හොඳ කශේරුකාවක් තියෙනවා අපිට උදව් කරන්න පුළුවන් කිව්වාට හරි යන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ හරියට නිකන් අලිය ගිලපු දිවුල් ගෙඩිය වගේ. යැයි ද කීවේය.
අමිල ප්‍රභාත් වනසිංහ
නව අදහස දක්වන්න