කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී පෙරේදා13 පෙරවරුවේ වාහන හතරක් ගැටී විදුලි රැහැන් කණුවක් බස් රථයක් මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය පැය කිහිපයක් තිස්සේ බාධා සිදුවිය.
කොළඹ දෙසට ගමන් ගත් බස් රථයක් බටලීය කජු පුරය අසලදී තිරිංග තද කරන අවස්ථාවේ කැරකී ගොස් අධිබල විදුලි රැහැන් කණුවක එහි පිටුපස ගැටී ඇතැයි ද ඒ අවස්ථාවේ ඉදිරියෙන් ආ ආ වාහන තුනක් එකිනෙක ගැටී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.ලොරියක් ගැටීමෙන් මෝටර් රථයක පිටුපස කොටසට බරපතල හානි සිදුවි තිබිණි.
ප්‍රධාන මාර්ගයේ ඇති වූ අවහිරතාව හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් වාහන බොහොමයක් බටලීය ගල්අමුණ කල්එළිය පස්යාල හරහා වාහන ගමන් කිරීමට පහසුකම් සැලසීමට පොලිසිය පියවර ගනු ලැබීය.අනතුරින් කිසිවෙකුට බරපතල තුවාල හෝ ජීවිත හානි සිදුවි නැත.
ගතවූ මාසයකට වැඩි කාලසීමාවේදී බටලීය රදාවඩුන්න හා මුරුතවල පෙදෙස්වලදී සිදුවූ බරපතල අනතුරු දහයකට ආසන්න ප්‍රමාණයක් හේතුවෙන් තරුණියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර තිහක පමන පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.නිතර විදේශිකයන් පවා ගැවසෙන බටලීය කජුපුරය හා ආසන්නයේ මේ ආකාරයේ අනතුරු ගණනාවක් සිදු වීම කණගාටුවට කරුණක් බව පවසන ප්‍රදේශවාසීහු නිතර පොලිස් රථවාහන නිලධාරීන් සංචාරය කරවමින් කිසියම් පාලනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරති.
නිට්ටඹුව පොලිස් රථවාහන අංශයේ සථානාධිපති ප්‍රධාන පොලිස් පරීකෂක මදුරප්පෙරුම මහතා ඇතුළු නිලධාරීහු පරිකෂණ පැවැත්වූහ.
කොටදෙණියාව සමූහ - එම්.පී.කුමාර
නව අදහස දක්වන්න