ව්‍යාජ ලිපි ලේඛන නිකුත් කර රුපියල් ලක්ෂ 172ක ඉන්ධන ජාවාරමක් සිදු කළ බවට තොරතුරු මහව විවිධ සේවා සමූපකාර සංගමයෙන් වාර්තා වෙයි.
පසුගිය ඉන්ධන හිඟයක් තිබුණු සමයේ දී විවිධ රජයේ ආයතන වල නම් වලට ඉන්ධන නිකුත් කර අදාළ මුදල් සමුපකාර සංගමයට ලබා නොගැනීම හේතුවෙන් මේසා මුදල් ප්‍රමාණයක් අහිමි වී තිබේ.රජයේ ආයතන ලෙස විවිධ ආයතන වල නම් භාවිත කරමින් ලදු පත් නිකුත් කර තිබුණ ද එවැනි රාජ්‍ය ආයතන මහපොළොවේ වත් නැති බවට තොරතුරු වාර්තා වෙයි.ඒ අතර මහව ප්‍රාදේශීය සභාවට පමණක් රුපියල් ලක්ෂ තිස් අටක ඉන්ධන සපයා ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
මහව විවිධ සේවා සමූපකාර සංගමය සතුව ඉන්ධන හල් දෙකක් ඇති අතර මෙම ඉන්ධනහල් දෙකෙන්ම විවිධ ආයතන වලට ඉන්ධන නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. අදාළ සිද්ධිය පිළිබඳව වර්තමාන එහි සභාපති ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න බණ්ඩාර වන්නිනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ.
“තමා සභාපති ධුරයට පත් වූවාට පසු මෙම සංගම ය සතු දේපළ සහ ඒවා අවභාවිතා වීම් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකළ බවත් ඒ අනුව ඉන්ධනහල් දෙකෙන් පමණක් රුපියල් ලක්ෂ 172ක මුදලක් අවභාවිත කර තිබෙන බවය.
සමහර ආයතන වල නම් බැලුවා ම එහෙම ආයතන මහපොළොවේ වත් නැති ව්‍යාජ නම් වලින් බිල් නිකුත් කරමිනුයි මේ සංගමයට පාඩු සිදුකරලා තියෙන්නේ.
අපි මේ තොරතුරු අනාවරණය කර ගත්තාට පසුව ප්‍රාදේශීය සභාවට තෙල් ලබාදීම නතර කළා.දැන් ඔවුන් එම ණය මුදල් ටික ටික ගෙවනවා.ඒත් සමහර ආයතන වලින් මුදල් අය කරගන්න කිසිම ක්‍රමයක් නැහැ.මොකද ඒ වගේ ආයතනයක් මහපොළොවේ වත් නැති හින්දා. අපි මේ පිළිබඳව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.මොකද මේවා මහජනතාව සතු මුදල්.මහව සංගමය සතුව විතරක් රුපියල් කෝටි 500ක පමණ වත්කම් තියෙනවා.මේවා ආරක්ෂා කිරීම අපේ වගකීමක්.” ඔහු පැවසීය.
කුරුණෑගල
කුමාරි දිසානායක
නව අදහස දක්වන්න