වසා තිබූ ගේක බඩු උස්සා අක්කටයි අයියටයි වික්ක කුඩු මල්ලි මාට්ටු | දිනමිණ

වසා තිබූ ගේක බඩු උස්සා අක්කටයි අයියටයි වික්ක කුඩු මල්ලි මාට්ටු

හෙරොයින් පානයට මුදල් සොයා ගත නොහැකිව සිටි ජාවාරම්කරුවකු වසා ඇති නිවසක තිබු සියලු බඩු මුට්ටු උස්සා තම අක්කාට හා අයියාට අලෙවිකර තිබියදී සොරා ගත් සියල්ලත් සමඟින්

12 දා අත් අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලීසිය පවසයි. මෙම සිද්ධියට තවත් අයෙකු සම්බන්ධ බවට අත් අඩංගුවට ගත් සැකකරු පොලීසියට පවසා තිබේ. එහෙත් ඔහු මේ වනවිට පොලිස් වසම හැර පලා ගොස් ඇත. ඔහු අත් අඩංගුවට ගැනීමට ද පරීක්ෂණ පැවැත්වෙයි.

මෙම නිවසේ අඹු සැමි යුවළ පිටස්තර පළාත් දෙකක සෞඛ්‍ය සේවාවේ නියැළෙන අය වෙති. ඔවුන් අවසන් වරට නිවසේ රැඳී ඇත්තේ පසුගිය මස අප්‍රේල් 05 වැනිදා ය. නිවස වසා සේවයට ගොස් නැවත නිවසට ඉකුත් 11 වැනි දා පැමිණෙන විට ඇතුළත තිබු සියලු දේපොළ සොරාගෙන ඇති අයුරු දැක තිබේ. ඒ සම්බන්ධව එදිනම පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. සොරා ගත් බඩු මුට්ටු අතර ශීතකරණය, විදුලි කේතලය, බපල් තුනක්, සෝපාවක්, ලී පුටු, ප්ලාස්ටික් පුටු, ඩබල් ඇඳක්,මෙට්ට, ඇද ඇතිරිලි, දොර රෙදි, ජනෙල් රෙදි ඇතුළු සියල්ලක් රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලෙහි සඳහන්ව තිබිණි.26 වැනි වියේ පසුවන සැකකරු මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් තරන බව මුලස්ථාන පොලිස් පරීක්ෂක සංජිව බණ්ඩාරනායක පැවසීය.

 

පොල්පිතිගම නන්දන කැලේගම

මහව සංජීවනී ආරියරත්න

නව අදහස දක්වන්න