Monday, මැයි 15, 2023 - 01:00
පිටබැද්දර පොලිස් වසමේ පිටබැද්දර, ගොරකවෙල වෙළඳසල් දෙකක් 14 වෙනි දින අලුයම 3.00 ට පමණ ගිනි ගෙන විනාශවී තිබේ.
ප්‍රථමයෙන් එක් වෙළඳසලක් ගිනි ගැනීමට ලක්වී ඇති අතර ගින්න පැතිරී යාම හේතුවෙන් යාබද වෙළඳසල ද ගින්නට ගොදුරුවී තිබේ. පිටබැද්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සහ මාතර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න පැතිරීයාම වළක්වාගෙන තිබේ. ජීවිත හානි කිසිවක් නැති අතර ගින්න ඇතිවූයේ කෙසේද යන්න පිළිබඳ පිටබැද්දර පොලිස් ස්ථානය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
අකුරැස්ස විජිත සල්ගාදු
තෙලිජ්ජවිල වජිර පූජිත
නව අදහස දක්වන්න