අලි ⁣දෙදෙනා ⁣රාත්‍රි තැපැල් ⁣දුම්රියට ⁣බිලි | දිනමිණ

අලි ⁣දෙදෙනා ⁣රාත්‍රි තැපැල් ⁣දුම්රියට ⁣බිලි

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් රාත්‍රි තැපැල් දුම්රියේ ගැටි අලි ⁣දෙදෙනෙකු මියගිය බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පෙරේදා (13) අලුයම අග්බෝපුර හා කිතුල්උතුව දුම්රිය ස්ථාන අතර 151 4/3 සැතපුම් කණුව අසල දී මේ අනතුර සිදුව තිබේ. ධාවනය වන දුම්රියේ අලි තිදෙනකු ගැටි ඇති අතර තුවාල ලැබු අලියෙකු රක්ෂිතයට පලා ගොස් ඇතැයි දැන ගන්නට ඇත. අනතුරෙන් දුම්රිය පැය දෙකක් ප්‍රමාදවි ධාවනය වු බව දුම්රිය බලධාරිහු පවසති. වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ සෝමාවති ජාතික වනෝද්‍යානයට හා කවුඩුල්ල ජාතික වනොද්‍යානයට සීමාවී ඇති දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් අලි අනතුරු වලට ලක්වන බවයි.

ප්‍රියාන් මලින්ද ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමුහ

කන්තලේ සමූහ

නව අදහස දක්වන්න