වෑන් රියැදුරට නින්ද ගිහින් නැටුම් කණ්ඩායම ම බදුල්ල ඉස්පිරිතාලේ - 7කටම කැඩුම් බිඳුම් තුවාල | දිනමිණ

වෑන් රියැදුරට නින්ද ගිහින් නැටුම් කණ්ඩායම ම බදුල්ල ඉස්පිරිතාලේ - 7කටම කැඩුම් බිඳුම් තුවාල

 

පෙරහරකට සහභාගි වි ආපසු එමින් සිටි නැටුම් කණ්ඩායමක් රැගත් වෑන් රථයක් බදුල්ල හාලිඇළ මාර්ගයේ දී ඊයේ (14) අලුයම සිදුවු රිය අනතුරකින් බරපතළ තුවාල ලැබු 11 දෙනකු ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. ⁣බණ්ඩාරවෙල දෝව රජමහ විහාරස්ථානයේ පැවැති වාර්ෂික පෙරහර සඳහා සහභාගි වි ආපසු පැමීණෙමින් සිටි නැටුම් කණ්ඩායමක් රැගත් වෑන් රථයක් පාරෙන් ඉවතට පැන මාර්ගය ආසන්නයේ තිබු ගසක වැදීමෙන් අලුයම 4.20 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පිරිමි පුද්ගලයන් 04 ක් සහ කාන්තාවන් 7 දෙනකු සිට ඇති අතර ඉන් 07 දෙනකු කැඩුම් බිඳුම් තුවාල සහිත බව බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ⁣ප්‍රධානි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. රියදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කරන අතර මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව හාලිඇළ පොලිසිය පැවසීය.

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

බදුල්ල ප්‍ර‍සන්න පද්මසිරි

 

නව අදහස දක්වන්න