පැය 6න්
ඩීසල් ලීටර 20න්
කුඹුරු අක්කර දෙකහමාරක් සී සායි
පැය 6ක කාලයක් තුළ දී ඩීසල් ලීටර 20කින් කුඹුරු අක්කර දෙකහමාරක් සීසෑමට හැකිවන පරිදි ඉවත දමන යකඩ කැබලිවලින් සහ ප්‍රයෝජනයට ගත නොහැකි ට්‍රැක්ටර්වලින් ඉවත දමන ලද කොටස් එක් කරමින් ෆෝවීල් ට්‍රැක්ටරයක් නිර්මාණය කිරීමට දිඹුලාගල මනම්පිටිය සිංහ උදාගම ගම්මානයේ තරුණයෙක් සමත් වේ. මාසයක් ඇතුළත එම නව නිර්මාණය තරුණයා විසින් සිදුකර ඇත.
වෙළඳපොලේ රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනාකමකින් යුතු ෆෝවීල් ට්‍රැක්ටරයක් තමා රුපියල් ලක්ෂ හතරහමාරක් වැනි මුදල මුදලකට නිර්මාණය කර වැඩ අවසන් කිරීමට හැකි වූ බවත්, ඕනෑම මඩ වගුරක් වදුලක් පැය 6ක වැනි කෙටි කාලයක් තුළ සීසෑමට හැකි වන පරිදි මෙම ෆෝවිල් ටැක්ටරය නිර්මාණය කර ඇති බව මෙහි නිර්මාණකරු වන 32 වියැති රුවන් සම්පත් සෙනවිරත්න මහතා සඳහන් කළේය.
වෙනත් වාහනවලට යොදන ඔයිල් පිලිස්සීමෙන් පසුව බවට පත්වන කළුතෙල්වලින් මෙම ෆෝවිල් ට්‍රැක්ටරයයේ එන්ජිම ක්‍රියාත්මක කර ධාවනය කිරීමට හැකි වීම විශේෂත්වයකි,
මේ වනවිට ඇතැම් කුඹුරු මෙන්ම වදුල සහිත කුඹුරු සී සෑමට නොහැකිව ගොවීන් අතහැර දමා තිබෙන බවත්, එවැනි මුඩුබිම් සහ ඕනෑම එරීමට ලක්වන වගුරු බිම් අස්වැද්දීමට මෙමගින් හැකියාව ලැබෙන අතර එවැනි ගොවීන් සදහා මෙම ටැක්ටරය වඩාත් ප්‍රයෝජනවත් වන බවත්, රුපියල් ලක්ෂ 60 ක් ලබාදී ගන්නා ෆෝවිල් ට්‍රැක්ටරයෙන් කරන වැඩ කොටසට වඩා වැඩි කොටසක් තමන් නිර්මාණය කරන ලද ෆෝවිල් ට්‍රැක්ටරයෙන් හෙවත් ගොයියා ගොඩ නව නිර්මාණයෙන් කිරීමට හැකියාව තිබෙන බවද රුවන් සම්පත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීවේය. තමාට මෙම නව නිපයුම සිදුකිරීමට පියා මෙන්ම තමාගේ ගරාජයේ තරුණයන් තිදෙනෙකුගේ උදව් උපකාර ලැබුණු බවත්, මෙම
ෆෝවිල් ට්‍රැක්ටරය ඕනෑම ගොවියකුට මසක් ඇතුළත නිර්මාණය කර රුපියල් ලක්ෂ හතරහමාරක් වැනි මුදලකට ලබාදීමට හැකි යාව තිබෙන බව ද රුවන් සම්පත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
යකඩ බාර්, පරණ ට්‍රැක්ටර් වල කොටස්, ඉවත් කරන ලද දුම්බට ඇතුළු ප්‍රයෝජන ගැනීමට නොහැකි බොහෝ ට්‍රැක්ටර් වල කොටස් මේ සඳහා එක්ලස් කරගත් බවත්, වෙනත් ට්‍රැක්ටර් වලින් කුඹුරු අක්කර දෙකහමාරක් සීසෑමට ඩීසල් ලීටර් 25 ක් පමණ යන බවත්, මෙමගින් වැය වන්නේ ඩීසල් විස්සක් පමණක් බවත්, අනිත් ට්‍රැක්ටර්වලට වඩා මෙහි කොටස් ක්ෂය වීම් අඩුවෙන බවත්, ඕනෑම කොටසක් කැඩි ගියහොත් රුපියල් දාහකට අඩු මුදලකින් සවිකර ගැනීමේ හැකියාව පවතින බවද රුවන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
තමන් නිර්මාණය කරන ලද මෙම ෆෝවිල් ට්‍රැක්ටරයට මහවැලි බී කලාපයේ ගොවීන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින බවද ඔහු කීය.
සාර්ථක නිර්මාණයක් සිදු කළා රුවන් සම්පත් සෙනෙවිරත්න මහතා අප සමග මෙලෙස අදහස් දැක්වූයේ, මහත්තයෝ මම මේ නව නිර්මාණය කරන්න කාලය ගත්තේ මාසයයි. මේකට යොදා තියෙන්නෙ අහකදාන යකඩ කෑලි, ට්‍රැක්ටර් වල කොටස්. ඉතින් ඕනෑම එරෙන කුඹුරක්, වදුලක් ඉතා කෙටි කාලයකින් හා ගන්න හැකියාව තිබෙනවා, මේ ට්‍රැක්ටරයක් වෙළඳපොලෙන් ගන්නවා ලක්ෂ 60 ක් වෙනවා, මට මේක නිර්මාණය කරන්න ගියේ රුපියල් ලක්ෂ හතරහමාරක් විතරයි, ඉතින් මගේ එකම ඉල්ලීම තමයි පුළුවන් මේක දිගටම හදන්න මට පේටන් බලපත්‍රය ලබාදෙන්න. මම මේකට නම් දැම්මෙ ගොයියා ගොඩ කියලා, ඇත්තටම මේක හදන්න මට උදව් කරොත් ලංකාවේ ගොයියා ගොඩ තමයි, දැනට මම ,කුඹුරු අක්කර දහයක් පහළවක් සීසෑම කලා කිසිම ලෙඩක් ආවෙ නෑ වැඩේ ගොඩම්, ඕනෑම රාත්‍රියකදී දී සීසාන විදුලි පද්ධතියකුත් සවි කරලා අවසන්.ඕනෑම අයකුට හාන්නත් පුළුවන්. හැම නියරක් අයිනෙම හා ගන්ඩත් පුළුවන්. ඒකයි මේකෙ තියෙන විශේෂත්වය, ඔයිල් දාන්ඩ ඕන්නෑ වෙනත් වාහනවලින් පිච්චුන ඔයල් තමයි මං මේකට පාවිච්චි කරන්නේ, අපි වගේ නිර්මාණය කරන තරුණයන්ට අතහිත දාලා මට මේකට පේට්න් බලපත්‍රයක් දුන්නොත් තවත් කීප දෙනෙකුට රැකියා අවස්ථාවන් හදා දෙන්නත් පුළුවන්. රුවන් සෙනෙවිරත්න ආඩම්බරයෙන් අප සමඟ කීවේය.
සිරිපුර මදුශානි අබේසිංහ
නව අදහස දක්වන්න