හොරුන්ගෙන් රැක ගන්න හරකුන්ට ඉබි යතුරු දාන්න වෙලා දිඹුලාගල කිරි ගොවීන්ගෙන් පැමිණිල්ලක් | දිනමිණ

හොරුන්ගෙන් රැක ගන්න හරකුන්ට ඉබි යතුරු දාන්න වෙලා දිඹුලාගල කිරි ගොවීන්ගෙන් පැමිණිල්ලක්

 

දිනෙන් දින තම ප්‍රදේශවල ගවයන් සොරකම් කිරීම වැඩිවීමත් සමඟ ඉතිරිව සිටින තම ගවයන් සොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමට ගවයන්ගේ ගෙලට යකඩ දම්වැල් සහ යතුරු ඉබ්බන් දමා දිවා රෑ ආරක්ෂා කර ගැනීමට සිදුව ඇති බව දිඹුලාගල මනම්පිටිය මලියදේවපුර, නාමල්පොකුණ, සොරිවිල, ගම්මානවල කිරි ගව පාලනයේ නිරත වන කාන්තාවන් සහ කිරි ගොවියෝ සඳහන් කරති.

මේ වෙනවිට තම නාමල්පොකුණ ගම්මානයේ පමණක් මාස තුනක් ඇතුළත කිරි ගොවීන් තිහක් පමණ අතුරුදොන් වී ඇති බවත් මේ පිළිබඳ පොලිසිය වෙත පැමිණිලි කරද කිසිම විසඳුමක් නොමැති බව නාමල්පොකුණ ගම්මානයෙ කිරි ගොවියෝ සඳහන් කරති.

තමන් ඇතිකරන ගවයකු කඹය ගසේ ගැටගසා තිබීයදි ගවයාගේ මස් කපාගෙන ගිය බවත්, තමන්ගේ කිරි ගව පැටියෙක් අ තුරුදහන් වී ඇති බවත්, වසර දහතුනක සිට කිරි ගවපාලනයේ නිරත වන ඊ.ඒ, කල්‍යාණි මහත්මිය අප සමඟ කීවාය.

මෙම තත්ත්වය මත තම ගම්මානවල කිරි ගොවීන් යකඩ දම්වැල්, හා ඉබ්බන් යොදා කිරි ගවයන් ආරක්ෂා කරගැනීමට සිදුව ඇති බවත්, එම යකඩ දම්වැල් කිලෝ එකක් ලබාගැනීම සඳහාට රුපියල් 850 ක් වැයවන බවත් යතුරු සහිත ඉබ්බෙක් ලබා ගැනීමට රුපියල් පන්සියයක පමණ වියදම් වන බවත්, මෙය සතුන්ටත් තමන්ටත් දැඩි අවහිරයක් බවද නාමල්පොකුණ, මලියදේවපුරා ප්‍රදේශයේ කිරි ගොවියෝ පෙන්වා දෙති.

කිරිගවයකු ඒ අයුරින් ආරක්ෂා කිරිමට යකඩ දම්වැලට සහ ඉබ්බෙකුට රුපියල් 1500 ක මුදලක් වැය වන බවත් එම මුදල ලබා ගැනීමට කිරි ලීටර් දහයක් අලෙවි කර යුතු බව ද කිරි ගොවියෝ සඳහන් කරති.

මෙම තත්ත්වය පිළිබඳ තමන් පොලීසියට අවස්ථා කිහිපයක පැමිණිලි කරද කිසිදු හොරෙකු අල්ලා ගැනීමට නොහැකි වූ බවත් මේ සඳහා ස්ථිර වැඩපිළිවෙළක් නොකළහොත් තමන්ට කිරිගව පාලනයෙන් ඉවත් වීමට සිදු වන බවද දිඹුලාගල නාමල්පොකුණ හා ඒ අවට කිරි ගොවියෝ කියති.

ඇතැම් හරක් මස් ජාවාරම්කරුවන් කිරි ගවයන් ලණු හා කඹ ආධාරයෙන් ගසේ ගැට ගසා තිබෙන අවස්ථාවල දී ගවයාගේ ගාත් මස් කපාගෙන ගොස් ඇති බවත්, තමන්ගේ එළුවකුට ඒ අයුරින් අපරාධයක් සිදු වූ බවත්, මේ පිළිබඳ පශු සම්පත් අමාත්‍යාංශය මෙන්ම අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකර තම කිරි ගවයන්ගේ මෙන්ම තම රැකියා අවස්ථා ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙළක් යොදන ලෙස නාමල්පොකුණ ගම්මානයෙ වසර විසිදෙකක පමණ කාලයක සිට කිරි ගවපාලනය නිරත වන නදීෂා ශිරෝමි පෙරේරා මහත්මිය පැවසුවාය, ප්‍රදේශයේ ඇතැම් පොලිස් නිලධාරීන් හරක් හොරුන් සහ හරක් මස් ජාවාරම්කරුවන් සමඟ සෘජු හා වක්‍ර සම්බන්ධතා තිබෙන බවත්, එම තත්ත්වය මත හරක් මස් ජාවාරම්කරු සහ හරක් හොරුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට නොහැකි බවද එම ගම්වාසීහූ සඳහන් කරති.

අප මේ පිළිබඳව මනම්පිටිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ප්‍රදේශයේ හරක් හොරුන් කීපදෙනකු අල්ලා ගත් බවත්, මෙම ජාවාරම්කරුවන් තම පොලීසිය මගින් අල්ලා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, හරක් හොරකමට ඇතැම් ගවයන් පාලනය කර ගව අයිතිකරුවන් ද සිටින බව ද සඳහන් කළේය.

 

සිරිපුර මධුෂානි අබේසිංහ

නව අදහස දක්වන්න