නිවාඩු අරන් ගෙදර යමින් සිටි නාවික සෙබළා අනතුරින් එතැනමයි | දිනමිණ

නිවාඩු අරන් ගෙදර යමින් සිටි නාවික සෙබළා අනතුරින් එතැනමයි

තවත් සිව්දෙනකුට බරපතළයි

පුත්තලම-කුරුණෑගල මාර්ගයෙ කල්අඩිය 3 කනුව ප්‍රදේශයේ දී 13 දින අලුයම යතුරුපැදියක් හා කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටි සිදුවු අනතුරින් නාවික සෙබළකු මරණයට පත්වි තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ පුත්තලම තම්බණ්නී නාවික හමුදා කඳවුරේ නාවික ගබඩා සහකාරවරයකු වන 33 හැවිරිදි කුරුප්පු මුදියන්සේලාගේ චමින්ද පෙරේරා නැමති දෙදරු පියෙකි.

නිවාඩු ලබා නිවස වෙත ගමන් කරමින් සිටි නාවික සෙබළා කල්අඩිය ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ ගමන් කරමින් සිටි පිරිසක් ගමන් ගත් කුඩා ලොරි රථයක මුහුණට මුහුණ ගැටි ඇති බව කියයි.

ලොරි රථයෙ ගැටුණු නාවික සෙබළා ගමන් කළ යතුරුපැදිය මීටර් 100කට ආසන්න දුරකට ඇමිණී ගොස් තිබු බවත් අනතුරින් ලොරි රථය ද පෙරළි තිබිණි. අනතුරින් බරපතළ ලබා සිටි නාවික සෙබළා එම ස්ථානයේ දීම මරණයට පත්වි තිබු බවත් ලොරි රථයෙ රියදුරා ඇතුළු සිව් දෙනෙකුද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබිණි. අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයෙ 9 දෙනෙකු අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම සඳහා ගමන් කරමින් සිටි බව කියයි. අනතුර සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලිසියෙ රථවාහන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

 

පුත්තලම අතිරේක

හිරාන් ප්‍රියංකර ජයසිංහ

නව අදහස දක්වන්න