රවිෂාන් පන්දු 14න් ලකුණු 50යි
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න සහ රත්ගම දේවපතිරාජ විදුහල් අතර දෙවැනි වරටත් පැවති රණ ශූරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු ඉනිම ජය දේවපතිරාජ විදුහල සතු වූ අතර, පසුගිය වසරේත් ඔවුන් පළමු ඉනිම ජය ගෙන තිබිණි.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් කුලරත්න විදුහල් පළමු ඉනිම ලකුණු 127කට සීමා කළ දේවපතිරාජ ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 217ක් රැස් කළහ. කුලරත්න විදුහල දෙවැනි ඉනිමේදී ලකුණු 182කට දැවී ගිය අතර, තරගය නතර කරන විට ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය දේවපතිරාජ කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 12ක් රැස් කර තිබිණි.
මේ තරගයේ වීරයා ලෙස දර්ශක සංදීප් (දේවපතිරාජ) සම්මාන දිනාගත් අතර, රවිෂාන් නෙත්සර (කුලරත්න) හොඳම පිතිකරු, චමින්ද සඳරුවන් (දේවපතිරාජ) දක්ෂතම පන්දු රකින්නා සහ හිරුෂ දෙව්මික (කුලරත්න) දක්ෂතම පන්දු රකින්නා ලෙස ද සම්මාන දිනා ගත්හ.
මේ තරගයේ දේවපතිරාජ පළමු ඉනිමේදි දර්ශක සංදීප් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 61කින් ලකුණු 63ක් රැස් කළ අතර, කුලරත්න දෙවැනි ඉනිමේදී රවිෂාන් නෙත්සර (65) අර්ධ ශතකයක් වාර්තා කළේය.
එහිදී රවිෂාන් සිය ලකුණු 50 පන්දු 14කින් වාර්තා කිරීම කැපී පෙනුණු අතර, ඔහු දැවී යන විට හතරේ පහර 7ක් සහ හයේ පහර 5කින් ඉනිම වර්ණවත් කර ගෙන තිබිණි.
කුලරත්න විදුහල් පළමු ඉනිම - 127 (ඕවර 29.1) හිරුෂ දෙව්මික 35, ලෂීන් වනිඳු 32, සසිඳු කෞශාන් 23 (චාමින්ද සඳරුවන් 9/4, පුල්ජිත් වත්සුක 28/3, පැතුම් ශාමින්ද 34/3) සහ දෙවැනි ඉනිම - 182 (ඕවර 38.1) රවිෂාන් නෙත්සර 65, සවිඳු ආකාෂ් 40 (ඉරුෂ්ක තිමිර 43/4, ගිම්හාන් රසංජන 42/2, පුල්ජිත් වත්සුක 52/2)
දේවපතිරාජ පළමු ඉනිම - 217 (ඕවර 41.1) දර්ශක සංදීප් 63, ජීවක ශෂීන් 35, පවන් සංදේශ් 33, පැතුම් ශාමින්ද 24 (ලෂීන් වනිඳු 41/2, ශකිල හංශක 61/2) සහ දෙවැනි ඉනිම - 12/2 (ඕවර 2) (හිරුෂ දෙව්මික 7/2)
කැප්ෂන්
කරන්දෙණිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන
නව අදහස දක්වන්න