දක්ෂතම ක්‍රීඩකයා ජයතිස්ස: නැඟී එන ක්‍රීඩකයා කවිඳු
කන්තලේ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති 47 වැනි ‘එල්.වී. ජයවීර කුසලාන’ පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පේරාදෙණිය මධ්‍ය මහා විදුහල සමත් විය. එම කණ්ඩායම රන් පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත ශූරතාව තහවුරු කර ගත් අතර, රන් පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගත් කඩුගන්නාව ජාතික පාසලට අනුශූරතාව හිමි විය.
කොරබොරුවාන මහා විදුහල සහ කොළඹ සහිරා විදුහල සම තෙවැනි ස්ථාන හිමි කර ගත්තේ රන් 2, රිදී 2 සහ ලෝකඩ පදක්කම් 2 බැගින් දිනා ගනිමිනි. පාසල් 89ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කඩුගන්නාව ජාතික පාසලේ ඒ.ඩබ්ලිව්.ඒ. ජයතිස්ස සම්මාන ලැබූ අතර, කටුගස්තොට සහිරා විදුහල නියෝජනය කළ එන්.එම්.ඒ. රහමාන් දක්ෂතම පරාජිතයා ලෙස සම්මානය ලැබීය. නැඟී එන අංශයේ කැපී පෙනුණු ක්‍රීඩකයා ලෙස බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල නියෝජනය කළ එස්.එම්.ඒ. කවිඳු ප්‍රබෝධ තිළිණ ලැබීය.
ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් මෙහෙයවන ලද මේ තරගාවලියේදී පාසල් 49ක් අතරේ පදක්කම් බෙදී යෑම කැපී පෙනිණි.
අනුරාධ බණ්ඩාර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහ, කන්තලේ සමූහ
නව අදහස දක්වන්න