ස්විස් සම්ප්‍රදායන් උරුම කරගත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගම කාබනික පොහොර රසායනාගාර පරීක්ෂාව වෙනුවෙන් පසුගියදා අන්තර්ජාතික ප්‍රමිති සහතිකය හිමිකර ගැනීමට සමත් විය. නවෝත්පාදන පිළිබඳ දිගු ඉතිහාසයක් සතු බවර් සමාගම යනු මෙරට කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයකි. ඒ අනුව කාබනික පොහොර පරීක්ෂාව වෙනුවෙන් පිරිනමන ISO/IEC 17025 සහතිකය බවර් රසායනාගාර සේවාවට හිමි විය. කළමනාකරණ පද්ධති, තාක්ෂණික කුසලතා සහ රසායනාගාර පරීක්ෂණ වලංගුතාව ඇතුළු විවිධ ප්‍රමිතීන් සහ සුදුසුකම් ගණනාවක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉකුත් අප්‍රේල් මාසයේදී මෙම සහතිකය පිරිනැමුණි. ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශ්වකරුවන් රාශියක් සමඟ සක්‍රියව සම්බන්ධ වෙමින් මෙරට කෘෂි කර්මාන්තයේ තිරසර සංවර්ධනය වෙනුවෙන් බවර් සමාගම අනුගමනය කළ විශිෂ්ට ක්‍රියාවලියේ සන්ධිස්ථානයක් ලෙස මෙම සහතිකය හඳුන්වාදිය හැකිය. තවද මෙම ජයග්‍රහණය සමඟින් තවදුරටත් තිරසර වගා භාවිත ප්‍රවර්ධනය කිරීමටත්, අස්වනු සහ වර්ධනය වැඩිදියුණු කර ගැනීමටත්, ජනතාවට වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීමටත්, ගොවීන්ට සහ සමස්ත ප්‍රජාවට ඇතිවන පාරිසරික හානි අවම කර ගැනීමටත් බවර් සමාගමට අවස්ථාව සැලසෙයි.
ශ්‍රී ලංකාවේ කාබනික කෘෂි පරිවර්තනයේ ඉදිරියෙන්ම සිටින බවර් සමාගම, ඒ වෙනුවෙන් පසුගිය කාලයේ කාබනික කෘෂි කර්මාන්තය පිළිබඳ ගෝලීය විශේෂඥයින්ගේ සම්පත් දායකත්වයෙන් දැනුම බෙදා ගැනීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීය. එමෙන්ම විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට දේශීය පාර්ශ්වකරුවන් රැසක් සමඟ ද එක්ව ක්‍රියා කිරීමට බවර් සමාගම පියවර ගත්තේය.
මෙසේ කාබනික පොහොර පරීක්ෂාව සඳහා අන්තර්ජාතික සහතිකය ලබා ගැනීම තුළින් සෙසු සමාගම්වලට ද ආදර්ශයක් සැපයීමට බවර් සමාගමට හැකි වීම තවත් විශේෂත්වයකි. වෙසෙසින්ම ISO-17025-2017 සහතිකය ලබා ගැනීම තුළින් නිරවද්‍ය, විශ්වාසනීය සහ ගෝලීය මට්ටමේ කාබනික පොහොර පරීක්ෂණ සේවාවක් ලබාදීමට බවර් සමාගමට අවස්ථාව උදා වේ.
නව අදහස දක්වන්න