ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා රෝහල්වලට රු. මිලියන 8 කට වැඩි වටිනාකමකින් යුත් ඖෂධ පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) වැඩසටහන්වල කොටසක් වශයෙන් ක්‍රියාත්මකවන‘සබැඳියාවේ දැහැමි සත්කාරය’ ව්‍යාපෘතිය යටතේ මෙම පරිත්‍යාගය සිදුකර ඇත.
තවද, ශ්‍රී ලංකාවේ විශාලතම ඩ්ජිටල් චැනලින් සේවාව වන eChannelling සේවාව ද මෙම වැඩසටහන පුරාවට අත්‍යවශ්‍ය බෙදාහැරීමට සහ අවශ්‍ය සියලුම සෞඛ්‍ය සේවාවන් සැපයීමෙන් සිය දායකත්වය ලබාදී තිබේ. මෙහි පළමු ඖෂධ තොගය පසුගියදා රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාවට SLT-MOBITEL සමූහ සභාපති, රොහාන් ප්‍රනාන්දු, SLT සාමාන්‍යාධිකාරී (අලෙවි සේවා) අනුරුද්ධ සූරියාරච්චි, රත්නපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය අනෝජ රුද්‍රිගූ, රත්නපුර ශික්ෂණ රෝහල් සහය අධ්‍යක්ෂ, දයා ශ්‍රියානි රණසිංහ ඇතුළු SLT-MOBITEL නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.
ඉන් අනතුරුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල, මහනුවර ජාතික රෝහල, බදුල්ල පළාත් මහ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල්වලටද මෙලෙස අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානය කරනු ලබයි.
නව අදහස දක්වන්න