හැටන් නැෂනල් බැංකුව දැඩි අභියෝග මධ්‍යයේ පසුගිය වසරේදී බැංකු ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කළ ශක්තිමත් හා විශිෂ්ට කාර්ය සාධනය හේතුවෙන් 2022 වසර සඳහා බිස්නස් ටුඩේ සඟරාවේ BT Top 40 හි ඉහළම සමාගම් 5 අතරට තේරී පත්ව ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් පැවසුවේ ”පසුගිය වසර හතරක කාලය පුරාවට ශ්‍රී ලංකාවට අන් කවරදාටත් වඩා අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. එවැනි අසීරු අවස්ථාවකදී HNB පෙන්නුම් කළ විශිෂ්ට කාර්ය සාධනය හැඩගැසීමට ඇති හැකියාව පිළිබඳ කදිම සාක්ෂියක්. මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේදී, බැංකුවේ සෑම අංශයක් හරහාම ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමට අප දරන උත්සාහය ඉහළ නංවන අතරතුර, කුඩා හා මධ්‍යය පරිමාණ ව්‍යසායකයින්ට, ආයතනවලට හා පුද්ගලයින්ට අවශ්‍ය සෑම සහායක්ම ලබා දීමට අපගේ බැංකුව ප්‍රමුඛත්වය ලබා දුන්නා.
”මේ වසරේ බිස්නස් ටුඩේ ශ්‍රේණිගත කිරීම් සඳහා අප ලබා ගත් කාර්යසාධනය අපගේ ගමන්මගේ සාර්ථකත්වය සඳහා සහතිකයක්. එවැනි තීරණාත්මක මොහොතක අපගේ සාර්ථකත්වයට ශක්තියක් වූ HNB කණ්ඩායමට සහ අපගේ වටිනා ගනුදෙනුකාර භවතුන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පළ කිරීමට අප මෙය අවස්ථාවක් කර ගන්නවා. ඉදිරියටත් අඛණ්ඩ සහ පහසු බැංකු අත්දැකීම් ලබා දීමට අපි කැපවී සිටින අතර අපගේ ආර්ථිකය නැවත නගාසිටුවීමට ගනු ලබන සාමූහික ප්‍රයත්නයට ද අප පූර්ණ සහයෝගය ලබා දෙනවා.’’ යනුවෙනි.
බැංකුවේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය, ඩිජිටල් පරිවර්තනය සඳහා වූ පුරෝගාමී ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්, ව්‍යාපාරයන් සහ පුද්ගලයන් වෙනුවෙන් ලබා දුන් පුළුල් සහයෝගය HNB හට මෙම ශ්‍රේණිගත කිරීම සඳහා පාදක විය. වසර අවසානය වන විට, රුපියල් ට්‍රිලියනයක් ඉක්මවන වත්කම්, අත්තිකාරම් සහ තැන්පතු පවත්වාගෙන යාමට HNB හට හැකි වූ අතර පසුගිය වසරට සාපේක්ෂව තැන්පතු ප්‍රමාණය 30%කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 14ක් විය.
නව අදහස දක්වන්න